Cricket NewsEXCLUSIVE

“මට යාළුවො නෑ.මගේ අදහස් බෙදා ගන්න බයයි” ජාතික කණ්ඩායමෙන් ඉවතට විසිවූ ප්‍රිත්වි ශෝ මානසික අරගලයක !

2018 වසරේදී ඉන්දීය ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් ප්‍රිත්වි ශෝ ඉන්දීය එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් ද නියෝජනය කල නමුත් අපේක්ෂා කල මට්ටමේ දස්කම් දැක්වීමට ප්‍රිත්වි අපොහොසත් වීම තුල ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායම තුල ඉඩක් සොයාගැනීම අපහසු කලේය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රිත්වි ශෝ කියා සිටින්නේ

“පුද්ගලයෙකු වශයෙන්, මම මගේම කලාපයේ සිටීමට කැමතියි. මිනිස්සු මම ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් මාව දන්න අය දන්නවා මගේ හැටි. මට මිතුරන් නෑ.මම මිතුරන් ඇති කර ගැනීමට කැමති නැත. මේක තමයි මේ පරම්පරාවට වෙන්නේ. ඔබට ඔබේ සිතුවිලි වෙනත් කිසිවෙකු සමඟ බෙදා ගත නොහැකියි.”

“පුද්ගලිකව ඇහුවොත් අදහස් බෙදාගන්න හරිම බයයි. මගේ අදහස් බෙදාගන්න මට බයයි. කොහොම හරි ඒ ඔක්කොම සමාජ මාධ්‍යවල එනවා.මට මිතුරන් සිටින්නේ ඉතා අඩුවෙන්.මිතුරන් කිහිප දෙනෙක් පමණයි.ඔවුන් සමඟ පවා මම සියල්ල බෙදාගන්න බෑ.දේවල් කිහිපයක් පමණයි පුලුවන්”

යනුවෙන්.

2018 වසරේදී ඉන්දීය කණ්ඩායම 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ ශූරයන් දක්වා රැගෙන යන්නට ප්‍රිත්වි සමත් වද්දී බොහෝ ක්‍රිකට් පුරාවෘත්ත ඔහුව ඉන්දීය කණ්ඩායමේ අනාගතය ලෙසින් විශ්වාස කලේය.

මංගල ටෙස්ට් තරඟයේදීම ලකුණු 183 කින් ජාත්‍යන්තර ගමන ඇරඹූ ප්‍රිත්වි අයිපීඑල් පිටියේ පවා මේ දක්වා ගෙවන්නේ අතිශය අපහසු කාල පරිච්ඡේදයක් වීමත් පිත්තෙන් නිසි රිද්මය සොයාගන්නට අපොහොසත් වීමත් තුල ප්‍රිත්විගේ අනාගතය කෙසේ වේවිද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button