Cricket NewsEXCLUSIVE

“මම විස්සයි-20 ලෝක කුසලානය බලන්න ගියා.. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින් වත් කාගෙවත් ෂුගර් බේබි විදිහට වත් නෙමෙයි” – ශලනි තාරකා

විගණන වාර්ථාව සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය වද්දී නළු නිළියන් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා උපසභාපති පාර්ශවයේ හිතවතුන්ට වීසා හා ගුවන් ටිකට් පත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර තිබෙන බව අනාවරණය විය.

එහි ප්‍රභලතම චෝදනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ජයන්ත ධර්මදාස හා ශලනි තාරකාගේ නම් ද එක්ව තිබුණු අතර අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශලනි තාරකා හට ගුවන් ටිකට් පත් මිලදී ගෙන දී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් බව හෙලිවිය

සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුලින් දිගින් දිගටම එල්ලවන මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා මාධ්‍ය වෙත කියා තිබුණේ මෙවැන්නක්

“ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙඇත්තටම ඔස්ට්‍ර‍ේලියාවෙ පැවැත්වුණ විස්සයි 20 ලෝක කුසලානය බලන්න ගියා.හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින් වත් කාගෙවත් ෂුගර් බේබි විදිහට වත් නෙමෙයි”

එහිදී ඇය තවදුරටත් අවධාරණය කරමින් කියා සිටියේ ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අක්‍රමිකතා හෝ සෙසු චෝදනා වල කොටස් කරුවෙකු නොවන බවයි .!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button