Cricket NewsEXCLUSIVE - ENGLISHInternational

ICC වසරේ එක්දින කණ්ඩායමට සිංහයන් හතරක් – නායකත්වය චරිත්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම් කර ඇත.

එම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකයි.

එසේම චරිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනූව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන ඇත. ඔහුට හිමිව ඇත්තේ, අංක 4 ස්ථානයයි.

මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අංක 8 ස්ථානයට නම්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button