Cricket NewsEXCLUSIVEIPL

“Punjab Kings කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට අවශ්‍යනම් භානුක රාජපක්ෂව සංචිතයට කැඳවිය යුතුයි” – හිටපු කොදෙව් නායක බ්‍රැත්වේට් හා ඉන්දීය ප්‍රවීණ විස්තර විචාරක Sanjay Manjrekar කියයි.!

මෙවර තරඟාවලියේ Punjab Kings කණ්ඩායමේ අසාර්ථක තරඟ රටාව පසුපස පිතිකරණ බලඇණියේ කඩාවැටීම විශාල වශයෙන් තිබුණි.මයානක් – ධවාන් ආරම්භක සබඳතාවය අපේක්ෂා කල තරම් සාර්ථක නොවුණු අතර මුල්පෙල නොම්බර තුනෙහිද විශාල ගැටලුවක් අවසන් තරඟ තුනේදී මතුවිය.ඒ හේතුවෙන් වැඩි බරක් එංගලන්ත ප්‍රහාරකයා ලියම් ලිවිංස්ටන් මත පැටවුණු අතර ජිටේශ් හා ශාරුක් පසුපෙලින් යම් තාක් දුරට සාර්ථක විය.

පසුගියදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලැබුවේ පිතිකරණ අංශයේ දියාරු දස්කම් හේතුවෙනි.

එම තරඟයෙන් අනතුරුව ESPNcrickinfo සමඟින් පැවැති සාකච්ඡාවකට හිටපු කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වෙයිට් හා ප්‍රවීණ විස්තර විචාරක සංජේ මංජේකාර් එක්ව සිටියේය.

එහිදී පුළුල් ලෙස Punjab Kings කණ්ඩායමේ සමබර සංයුතියක් උදෙසා භානුක රාජපක්ෂ මුල්පෙල පිතිකරණය සවිමත් කල යුතු බව සඳහන් කලේය.කාලෝස් බ්‍රැත්වෙයිට් අදහස් දක්වමින් කියා සිටියේ ජොනී බෙයාස්ටෝ ගෙන් අපේක්ෂා කරන ලද ආක්‍රමණශීලී පිතිකරණය පෙන්නුම් කිරීමට අසමත් වීම හා ඕඩියන් ස්මිත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස අපේක්ෂා කල පිතිකරණය පෙන්නුම් නොකිරීම හේතුවෙන් භානුක රාජපක්ෂ ආක්‍රමණශීලී මුල් පෙල පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමට එක්වන්නේ නම් එය සංයුතියේ සමබර තාවය ඉහල එක්වන බව බ්‍රැත්වෙයිට් සඳහන් කලේය.

සංජේ මංජේකාර්ද එහිදී අදහස් දක්වමින් භානුකගේ එක්වීම Punjab Kings පිලට අවශ්‍ය තීරණාත්මක සාධකයක් බව සඳහන් කලේය.තවදුරත් අදහස් දක්වමින් මංජේකාර් සඳහන් කර සිටියේ ” භානුක රාජපක්ෂ දෙස මහත් ආශාවෙන් බලා සිටිනවා ! ජොනී බෙයාර්ස්ටෝ රිද්මයට එනතුරු අපිට කොපමණ කාලයක් බලා සිටින්නට සිදුවෙයිද ?” යනුවෙන් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් සාකච්ඡාව අවසන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button