Cricket NewsEXCLUSIVEILT20

ක්‍රිකට් ලෝකයට එන අලුත්ම ලීගය UAE ILT20 තරඟාවලියේ Desert Vipers කණ්ඩායම දැවැන්ත මුදලක් වැය කර වනිඳු හසරංග සිය කණ්ඩායමට එක් කර ගනී.!

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර් ලිග් තරඟ කදිම සාදකයක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව ෆ්‍රැරැන්චයිස් ක්‍රිකට් ලිග් තරඟාවලින් අතරට එක් වන අලුත්ම තරඟාවලිය ILT20 හෙවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවැත්වීමට සැලසුම් කරන අලුත්ම ජාත්‍යන්තර විස්සයි-20 ලීගය International League T20 තරඟාවලියයි.

මුල්ම වරට පැවැත්වෙන ILT20 තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම් සියල්ලක්ම පාහේ තම කණ්ඩායම් සඳහා ලොව නම් දැරූ ක්‍රීඩකයින් රාශියක් සමඟින් ගිවිසුම් ගතවෙමින් පසුවෙයි. විශේෂත්වය වනුයේ තරඟාවලියේ කණ්ඩායම් රාශියක් ඉන්දීය සමාගම් කිහිපයක හිමිකාරීත්වය යටතේ තිබීමයි.

මෙවර තරඟාවලියේ දී වනිඳු හසරංග Desert Vipers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය නිලවශෙන් තහවුරු කලේය. විස්සයි-20 ආකෘතිය තුල නිතර දෙවේලේ අසන්නට ලැබෙන ක්‍රීඩකයින් රැසකගෙන් යුතු සංචිතයක කොටස් කරුවකු වන්නට හසරංගට අවකාශය ලැබී තිබීමද විශේෂත්වයකි.

Desert Vipers හි ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන හසරංගට අමතරව නේපාල සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිචේන් ද මෙම කණ්ඩායමේ දඟපන්දු බලඇණිය සවිමත් කරනු ඇත.

ජේම්ස් ෆෝස්ටර් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර මෙම කණ්ඩායම සමඟින් ශෙල්ඩන් කෝට්‍රල්,අසාම් ඛාන්,ඇලෙක්ස් හේල්ස්,බෙන් ඩන්කට්,සෑම් බිලිංග්ස් හා සන්දීප් ලැමිචේන් මීට පෙර මෙම කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත වූ සෙසු ක්‍රීඩකයින් විය.

Desert Vipers සංචිතය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button