Cricket NewsEXCLUSIVE

බෙන් ඩකට් ගේ නොදැවුණු ශතකය ඉන්දියාවෙන් දෙවැනි දිනය උදුරා ගනී !

ඉන්දු එංගලන්ත තෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි.ඉන්දීය පළමු ඉනිමට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්තය දෙවැනි දිනය අවසන් වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 207 ක් රැස්කරගෙන සිටී.

එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කල බෙන් ඩකට් එංගලන්ත ක්‍රිකට් වාර්ථා පොත් අලුත් කලේ පන්දු 88 කදී වාර්ථා කල ශතකයත් සමඟින්.මෙය එංගලන්ත පිතිකරුවෙකු විසින් ඉන්දියාව තුලදී රැස් කරගත් වේගවත්ම ශතකය ලෙසයි සටහන් වන්නේ.

දිනය අවසන් වන විට ඩකට් ලකුණු 133 ක් නොදැවී රැස්කරගෙන සිටින්නේ පන්දු 118 කට මුහුණදෙමින්.

එංගලන්තය සත්කාරක ඉන්දියාවට වඩා ලකුණු 238 ක් පසුපසින් සිටින්නේ කඩුලු 8 ක්ද අතැතිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button