Cricket NewsEXCLUSIVE

ඊයේ තරඟයේ හතරේ පහරක් නැවත්වීමට ගත් උත්සහයකදී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක උරහිසේ අබාදයකට ලක් වෙයි – තරඟාවලියෙන් ඉවතට.!

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී රැකගැනීමට ගත් උත්සාහයකදී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක උරහිසේ අබාදයකට ලක්වී තිබෙන බව වාර්තා වනවා.

මධුශංක වමතින් වේග පන්දු යවන්නකු වන නමුත් පන්දුව රැකගැනීම සඳහා ඒ වෙත පැනීමේදී ඔහුගේ දකුණු උරහිස මෙලෙස අබාදයකට ලක්වී තිබෙන අතර ඊයේ ඔහු ක්‍රීඩා කල එම තරඟය ඩිල්ෂාන්ගේ පළමු එක්දින තරඟය ද වනවා.

උරහිසේ එක්ස්-කිරණ වාර්තාවක් සහ එම්.ආර්.අයි. ස්කෑන් වාර්වක් සඳහා මධුශංක අද පෙරවරුවේදී යොමුකර තිබෙන අතර එම වෛද්‍ය වාර්තාවල තොරතුරු අනුව ක්‍රීඩකයා නැවතත් ශ්‍රී ලංකාවට එවන්නේද නැද්ද යන්න පිළිබඳව කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩයම මේ වනවිට කොල්කටා වෙත ලඟා වී තිබෙන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය හෙට (12 ) කොල්කටා Eden Gardens ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7