Cricket NewsEXCLUSIVE

පළමු තරඟයේ ලද ජයත් සමඟින් උද්දාමයට පත් ඉන්දීය ප්‍රේක්ෂකයෝ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රවේශ පත් සියල්ල මිලදී ගෙන අවසන් කරයි.!

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරංගය දිවා රාත්‍රී තරඟයක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.මේ වන විට පළමු දින දෙකේ ප්‍රවේශපත්‍ර විකුණා අවසන් බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග මාධ්‍යට සඳහන් කර තිබුණි.

මාර්තු 12 සිට 16 දක්වා බැංගලෝරයේ එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දෙවන ටෙස්ට් තරඟය පැවැත් වීමට නියමිතය.

මේ විට දෙවැනි ටෙස්ට් තරගය සඳහා ප්‍රවේශපත්‍ර සඳහා ඇති ඉල්ලුම බලාපොරොත්තු වූ මට්ටම ඉක්මවා ගොස් තිබේ.ඒ නිකුත් කල ප්‍රවේශපත් මේ වන විට අලෙවී අවසන් වී නිසාවෙනි.

දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දින දෙක සඳහා ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ (KSCA) භාණ්ඩාගාරික සහ ප්‍රකාශක Vinay Mruthyunjaya මාධ්‍ය වෙත පැවසීය.

මොහාලි හි පැවති පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාව දින තුනක් ඇතුළත ශ්‍රී ලංකාව පරාජය කිරීම හේතුවෙන් ඉන්දීය ප්‍රේක්ෂකයින් අතිශය උද්දාමයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

ඉරිදා ක්‍රීඩාංගණයේ බොක්ස් ඔෆිස් අලෙවිය සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණි. දින කිහිපයකට පෙර අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා ලබා දී ඇති කුඩා ප්‍රවේශපත්‍ර (වඩා මිල අධික නොමැති ප්‍රේක්ෂකාගාර සඳහා) පැය කිහිපයක් ඇතුළත විකිණී අවසන් විය.

COVID-19 වෛරසය නිසා පැනවූ සීමා කිරීම් හේතුවෙන්, ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාව 50% දක්වා සීමා කර ඇත. ප්‍රවේශපත්‍ර 10,000ක් පමණ මහජනතාවට ලබා දී ඇති අතර ඉතිරිය ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, අනුග්‍රාහකයන් සහ වෙනත් අය සඳහා මිලදී ගැනීමට වෙන්කර තිබේ .

තරඟාවලියේ කාලසටහනේ වෙනසක් නොවන්නට මෙම අවස්ථාව මීටත් වඩා සුවිශේෂී විය හැකිව තිබුණි.

සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය වීමට ඉඩ තිබූ පළමු තරගයට සත්කාරකත්වය ලබා දීමට බැංගලෝර් ක්‍රීඩාංගණය නියමිතව තිබුණි. කෙසේ වෙතත්, BCCI හි සංශෝධිත කාලසටහනෙන් තීරණය කර තිබුණේ කෝලිගේ සිය වැනි තරඟය මොහාලිහිදී ක්‍රීඩා කිරීමටය.

ඒ හේතුවෙන් දෙවන ටෙස්ට් තරඟය බෙංගලෝර් හිදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7