Cricket NewsEXCLUSIVE

IPL වාර්ථා අලුත් කල වෙන්දේසියේ පවා අලෙවි නොවූ Phill Salt !

Jason Roy ගේ ආබාධය හේතුවෙන් KKR කණ්ඩායම ආදේශයනක් ලෙසින් එක් කරගත් එංගලන්ත පිතිකරු phill Salt මෙවර තරඟාවලියේදී සුපිරි දස්කම් දක්වන්නට සමත් ව තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ ඔහු ආදේශනයක් ලෙස KKR කණ්ඩායමට පැමිණ දක්වන්නේ සුවිසල් දායකත්වයක්.

මෙවර තරඟාවලියේ KKR කන්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු ලෙසින් ඉහලම දායකත්වයක් ලබාදී තිබෙන්නේ Salt විසින්.

ඔහු මේ දක්වා ලකුණු 392 ක් රැස් කරගෙන තිබෙන්නේ 180 ක ප්‍රහාරක වේගයක්ද සමගින්.

එමෙන්ම එක් අයිපීඑල් තරඟාවලියක් තුල Eden Gardens හි වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.

මේ දක්වා ඔහු Eden Gardens හිදී ලකුණු 372 ක් රැස් කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button