Cricket GossipCricket NewsEXCLUSIVEIPLPremier League

අයිපීඑල් අවසන් තරගය නිසා කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් අමෙරිකානු ඩොලර් 425000ක ජයක් ලබයි.

අයිපීඑල් අවසන් තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන බවට ඔට්ටු ඇල්ලූ කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් අමෙරිකානු ඩොලර් 425000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 13ක) ජයක් ලබා ගත්තේය.

කොල්කටා නයිට් රයිඩර්ස් සම අයිතිකරු බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්ගේ සහ ජුහි චව්ලාගේ කණ්ඩායමේ ආධාරකරුවෙකු වූ ඩ්‍රේක් ග්‍රෙහැම් තම ජයග්‍රාහී ඔට්ටුවේ රිසිට්පත ඉන්ස්ටග්‍රෑම් හි පළකොට සටහනක් තබා තිබුණි. ඔහු විසින් මෙයට පෙර බාස්කට්බෝල්, අ‍ෙමරිකානු පාපන්දු සහ රග්බි ක්‍රීඩා වෙනුවෙන් ඔට්ටු ඇල්ලුවද මෙය පළමු ක්‍රිකට් ඔට්ටුව බව සඳහන් වේ. 37 හැවිරිදි ඔහු ඔට්ටු ඇල්ලීමේ කතාව නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රචාරය කළේය.

කිං ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා කාව්‍යා මාරන්ගේ සන්රයිස් හයිද්‍රාබාද් අතර පැවති අවසන් තරගයේදී ඔවුන්ගේ තුන්වන අයිපීඑල් කුසලානය කොල්කටා පිල විශාල පරතරයකින් දිනා ගැනීමට සමත් විය.

Korbo Lorbo Jeetbo': Rapper Drake Places 'First Ever Cricket Bet' Worth ₹2 Cr On KKR Ahead Of IPL 2024 Final vs SRH

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button