Cricket NewsEXCLUSIVEIPLPremier League

ශ්‍රී ලංකා­වෙන් 29ක් අයි­පී­එල් යන්න සූදානම්

ලබන වසරේ පැවැ­ත්වී­මට නිය­මිත ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ ක්‍රීඩක වෙන්දේ­සිය සඳහා ක්‍රීඩ­ක­යන් 1574ක් ලියා­ප­දිංචි වී තිබේ.

පසු­ගිය 4 වැනිදා ක්‍රීඩ­ක­යන් ලියා­ප­දිංචි කිරීමේ කට­යුතු අව­සන් වූ අතර, ඉන්දීය ක්‍රීඩ­ක­යන් 1165ක් සහ විදෙස් ක්‍රීඩ­ක­යන් 409ක් මේ ලියා­ප­දිංචි වූ පිරි­සට ඇතු­ළත්ය.

මේ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් 29 දෙනකු ලියා­ප­දිංචි වී ඇති අතර, වැඩිම විදෙස් ක්‍රීඩ­ක­යන් පිරි­සක් ලෙස 91 දෙනකු ලියා­ප­දිංචි වී ඇත්තේ දකුණු අප්‍රි­කා­වෙනි. ඔස්ට්‍රේ­ලි­යා­වෙන් 76ක්, එංග­ල­න්ත­යෙන් 52ක්, නව­සී­ල­න්ත­යෙන් 39ක්, බට­හිර ඉන්දීය කොදෙව් 33ක් සහ ඇෆ්ග­නි­ස්තා­න­යෙන් ක්‍රීඩ­ක­යන් 29 දෙනකු ද ලියා­ප­දිංචි වී තිබේ.

මේ අතර ජාත්‍ය­න්තර තරග වරම් ලබා ඇති ක්‍රීඩ­කයෝ 320ක් සහ ජාත්‍ය­න්තර තරග වරම් ලබා නැති ක්‍රීඩ­කයෝ 1224ක් සිටිති.

ටෙස්ට් වරම් ලබා නැති රට­ව­ලින් ක්‍රීඩ­ක­යන් 30 දෙනකු ලියා­පංචි වී සිටීම කැපී පෙනෙන අතර, ඊට නෙද­ර්ල­න්ත­යෙන් 12ක්, අමෙ­රි­කා­වෙන් 10ක්, කැන­ඩා­වෙන් 4ක්, ස්කොට්ල­න්ත­යෙන් 2ක්, එමීර් සහ ඉතා­ලි­යෙන් ක්‍රීඩ­ක­යකු බැගින් එක්ව සිටිති.

මෙවර වෙන්දේ­සි­යට පෙර පසු­ගිය තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් 46 දෙනෙක් රඳවා ගැනී­මට කණ්ඩා­ය­මක් කට­යුතු කළ අතර, ශ්‍රී ලංකා­වෙන් චෙන්නායි පිලට ක්‍රීඩා කරන මතීෂ පති­ර­ණට පම­ණක් එම අව­ස්ථාව උදා විය.

මෙවර අයි­පී­එල් ක්‍රීඩක වෙන්දේ­සිය මේ මස 24 සහ 25 දින­වල සවුදි අරා­බි­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button