Cricket NewsEXCLUSIVE

මාධ්‍ය ඔස්සේ දැවැන්ත ලෙස හාසයට ලක් කෙරුණු පංජාබ් ලංසුව ! අයිපීඑල් වෙන්දේසි ඉතිහාසයේ විරලතම අත්වැරදීම ජංජාබයට කෙසේ බලපාවිද ?

IPL වෙන්දේසියකට සෑම කණ්ඩායක්ම එන්නේ බොහෝ සුදානම් වෙලා.

වෙන්දේසියට පෙර සිය සංචිතය සහ මිලට ගත යුතු ක්‍රීඩකයන් පිළිබඳ ඔවුන්ට දල අදහසක් තියෙනවා.

වෙන්දේසිය තුල තමන්ට මිලට ගැනීමට අවශ්‍ය ක්‍රීඩකයෙකු ලබා ගත නොහැකි වූ විට, ඒ වෙනුවට ලබා ගන්නා විකල්ප ක්‍රීඩකයෙක් ද ඔවුන් සතුයි.

එම නිසා වෙන්දේසිය ඉතාම බරපතල, ඉතාම කල්පනාකාරීව මෙහෙයවිය යුතු එකක්.

තමන්ට මිලට ගැනීමට අවශ්‍ය ක්‍රීඩකයා වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු අත්වැරදීමකින් මිලට ගැනීම වැනි වරදක් කණ්ඩායමේ සමබරතාවයම බිඳ වැටිය හැකි සිදුවීමක්.

පසුගියදා පැවැති IPL වෙන්දේසියේදී, ප්‍රසිද්ධ නිළි ප්‍රීති සින්ටා විසින් සමහිමිකාරීත්වය දරනා පංජාබ් කණ්ඩායමෙන් එවැනි වැරදීමක් සිදු වුණා.

19 හැවිරිදි ශෂාන්ක් සිං (Shashank Singh) පංජාබ් කණ්ඩායම මිලට ගැනීමට සිටි ක්‍රීඩකයෙක්.

වෙන්දේසියේදී ශෂාන්ක් සිං ගේ නම කියැවුණු මොහොතේ පංජාබ් පාලනාධිකාරිය ක්‍රීඩකයා වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එම මොහොතේ වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණේ 32 හැවිරිදි, ශෂාන්ක් සිං නැමැති වෙනත් ක්‍රීඩකයෙක්.

එය අවබෝධ වූ සැණින් ප්‍රීති සින්ටාට සහ ට්‍රේවර් බේලීස් ප්‍රමුඛ පංජාබ් කළමනාකාරීත්වයට සිය ලංසුව අවලංගු කරගැනීමට අවශ්‍ය වුණා.

නමුත් ඒ වනවිටත් වෙන්දේසිය මෙහෙයවමින් සිටි මල්ලිකා සාගර් (Auctioneer) සිය මිටිය පහත හෙලා අවසන්.

වෙන්දේසි නීති අනුව මිටිය පහත හෙලූ සැණින් ලංසුව වෙනස් කිරීමට නොහැකියි.

පංජාබ් කණ්ඩායමට සිය තීරණය වෙනස් කළ නොහැකි බවට මල්ලිකා සාගර් දැනුම් දුන්නා.

ඒ අනුව 32 හැවිරිදි ශෂාන්ක් සිං කිසිම විටෙක තමන් මිලට ගැනීමට අවශ්‍ය නොවූ කණ්ඩායමකට එක් වෙනවා.

මේ සිදුවීම හේතුවෙන් ශෂාන්ක් සිං සහ පංජාබ් කළමනාකාරීත්වය අන්තර්ජාලය ඔස්සේ දැඩිව හාස්‍යයට ලක් කෙරුණා.

ඉන්පසුව පංජාබ් පාලනාධිකාරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශෂාන්ක් සිං මිලට ගැනීම අහම්බයක් නොවන බව සඳහන් කළා.

ඔහු මිලට ගැනීම කණ්ඩායමේ සැලසුමක් වූ බවත් ඔවුන්ගේ ට්විටර් පණිවිඩයේ සඳහන්.

එම ට්විටර් පණිවිඩයට පිළිතුරු ලියමින් ශෂාන්ක් සිං ද ලබා දුන් අවස්තාවට ස්තූති කර තිබුණා.

කෙසේ වෙතත් මේ සිදුවීම ඉදිරි තරගාවලිය තුලදී ශෂාන්ක් සිංග් මෙන්ම පංජාබ් කළමනාකාරීත්වයත් අපහසුතාවයට පත් කිරීමට හේතුවක් වන බවට නම් සැකයක් නැහැ.

ඉරේෂාන් සිරිවර්ධන ගේ සටහනක් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
20
+1
4
+1
5
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button