Cricket NewsEXCLUSIVE

එළඹෙන අගෝස්තු මාසයේදී ඇරඹෙන ආසියානු කුසලානය සැලසුම් කර පරිදිම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව තහවුරු කෙරේ.!

මෙවර ආසියානු කුසලානය වසර කිහිපයක විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුනා. මීට මාස කිහිපයකට ඉහතදී පැවැත්වුණු ආසියානු ක්‍රිකට් සම්මේලනයේදී සත්කාරකත්වය ලබා දීම සඳහා එකඟතාවය පලවිය.

කෙසේ නමුත් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අස්තාවරත්වය අනෙකුත් තරඟාවලි පිළිබඳ සේම ආසියානු කුසලානය පිළිබඳවද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කලේය.

එවන් තත්වයක් මත ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය බොහෝ විට බංග්ලාදේශයේදී පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පුරාවට අසන්නට ලැබුණේ ඔවුන් මෙවර ආසියානු කුසලානය තම රටේදී පැවැත්වීමට විශාල බලාපොරොත්තුවකින් සිටි නිසාවෙනි.

ඔවුන් ශ්‍රී ලංකාවේ තත්වය හේතුවෙන් තරඟාවලියේ සත්කාරකත්වය තමන්ට ලබාගත හැකිදැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් විමසූ බවද සඳහන්

කෙසේ නමුත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් හි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ තරගාවලිය සැලසුම් කර පරිදිම මෙරට සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත බවය.

ලබන අගෝස්තු මාසයේදී තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර දැන් එහි කිසිදු වෙනසක් සිදු නොවන බව සඳහන් කරන්නේය.

බොහෝ විට තරඟාවලිය පෙර සැලසුම් කර පරිදි ලංකා ප්‍රිමියර් ලීගයෙන් පසුව ක්‍රීඩා කරනු ඇති අතර දේශීය ක්‍රීඩකයින් මෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හර එය විශාල ප්‍රතිලාභයක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button