Cricket NewsEXCLUSIVE

“සර්වකාලීන විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ජැක් කලිස්” – බ්‍රෙට් ලී !

වසර ගණනාවක දැවැන්‍ත ඉතිහාසයකට උරුමකම් කියන ක්‍රිකට් ක්‍රීඩාව තුල එදාමෙදාතුර බිහිවූ පරිපූර්ණතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්දැයි නිශ්චිත කිරීමට තරම් ප්‍රභල මිණුම් දණ්ඩයක් තවමත් හමුව නැහැ.

ජාත්‍යන්තර ලකුණු 24860 ක් කඩුලු 565 ක් යම් කිරීඩකයෙකු තම නම ඉදිරියේ ලියාගැනීමට සමත්කම් දක්වන්නේ නම් එය අතිශය විරල දස්කමකි.නමුත් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් හට නම් එය පහසු කාර්‍යයක් වූයේ ඉහත දත්තයන් හි හිමිකරුවා ඔහු වීමත් සමඟයි.

මීට දින කිහිපයකට ඉහතදී හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වූ බ්‍රෙට් ලී Jio Cinema ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ

“සර්වකාලීන විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ජැක් කලිස්” යනුවෙනි !

සමස්ත ක්‍රිකට් දිවිය තුල කලිස් යනු ක්‍රීඩකයෙකු දැක්වූ විරලතම දක්ශතාවයේ හිමිකරුවාය. එක්දින සහ ටෙස්ට් තරග දෙකේදීම ලකුණු 10,000 ඉක්මවූ සහ කඩුලු 250කට වඩා දවාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයා කලිස්ය. ඔහු එක්දින උඩ පන්දු 131ක් ද ලබා ගත්තේය.

ඔහු සිය ටෙස්ට් තරග දිවිය තුළ ලකුණු 13,289ක් රැස්කළ අතර, කඩුලු 292ක් සහ උඩපන්දු 200ක් දවාගෙන ඇත. කලිස් තරගයේ වීරයා සම්මාන 23ක් දිනාගත් අතර, එය ටෙස්ට් ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩකයෙකු විසින් දිනාගත් වැඩිම සම්මාන සංඛ්‍යාව ද වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button