Cricket NewsEXCLUSIVELPL

“ජැෆ්නා කිංග්ස්” දඟ පන්දු බලඇණිය, දඹුලු පිතිකරුවන් අන්ත අසරණ කරමින් පිට පිටම 5වන ජයග්‍රහණයත් වාර්තා කරයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

Jaffna Kings කණ්ඩායම සහ Dambulla Giants කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට Jaffna Kings කණ්ඩායම අද රාත්‍රියේ සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ග්‍රහණය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Dambulla Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 14 කුත් එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණයි.

දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Phil Salt ලකුණු 23ක් රැස් කළ අතර තරිඳු රත්නායක ලකුණු 14ක් රැස්කළා.

අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට Jaffna පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චතුරංග ද සිල්වා කඩුලු 4ක් බිඳ හෙලූ අතර මහේෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳ හෙළුවා.

ඒ අනුව දකුණු 70ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දු වාර 9ක් පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියා.

Jaffna Kings වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ වනිදු හසරංග පන්දු 18ක් තුළ වේගවත් ලකුණු 37ක් රැස් කළ අතර අවිශ්ක ෆර්නෑන්ඩෝ ලකුණු 22ක් රැස්කළා.

ඒ අනූව ලකුණු 71ක් ලබා තරඟය ජයග්‍රහණය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයින් සමත්වුණා.

පන්දු යැවීමේදී ඉම්රාන් තාහිර් කඩුළු 2 බිඳ හෙලූ අතර අද තරගයේ වේග පන්දු යවන්කු විසින් ලබාගත් එකම කඩුල්ල Josh Little බිඳ හෙලුවා.

කෙසේ නමුත් අද තරගය දඟ පන්දු යවන්නන්ගේ තරඟයක් බවට පත්වූ අතර තරගයේ ක්‍රියාත්මක වූයේ වේග පන්දු වාර දෙකක් පමණයි.

ඒ දෙකම Dambulla Giants කණ්ඩායමේ Josh little විසින් යොමු කරනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානය චතුරංග ද සිල්වා හට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7