Cricket NewsEXCLUSIVELPL

LPL අවසන් මහා තරඟය නැරඹීමට සූරියවැවට ජන ගඟක් – සියලු ටිකට් පත් කලින්ම අවසන්.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට මෙරට මෙන්ම විදෙස් රසිකයින් ගෙන් ද දැඩි ආකර්ෂණයක් හිමිවූ අතර විදෙස් ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට ද සමත් වුණා.

මේ අතර අද තීරණාත්මක අවසන් මහා තරගයේ සියලුම ප්‍රවේශපත් මේ වන විටත් අවසන් වී ඇති අතර මේ සම්භන්දයෙන් නිල මාද්‍ය සටහනක්ද තැබීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ වන විටත් ක්‍රීඩාංගණයට ඉතා විශාල ක්‍රිකට් රසිකයන් ප්‍රමාණයක් පැමිණෙමින් තිබෙන අතර අවසන් තරඟය සඳහා සුදානම් වන ක්‍රීඩාංගණයේ මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

01

02

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7