Cricket NewsEXCLUSIVE

බ්‍රයන් ලාරා,රාහුල් ඩ්‍රාවිඩ් වැනි ටෙස්ට් පිටියේ දැන්තයන් පසු කර යමින් ජෝ රූට් විසින් සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්ථාවක් සම කරයි !

එංගලන්ත පිතිකරු ජෝ රූට් මේ දිනවල පැවැත්වෙන අලු බඳුන තරඟාවලිය පුරාවට රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 412 ක්.ටෙස්ට් තරඟාවලියක් තුල ඔහු ලකුණු 300 සීමාව ඉක්මවා රැස් කල 19 වැනි අවස්ථාව ලෙසටයි එය වාර්ථා වූයේ.

මින් පෙර තරඟාවලි 19 ක් තුලදී ලකුණු 300 සීමාව පසු කර තිබුණේ ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සචින් තෙන්ඩුල්කාර් පමණයි.

ඒ අනුව ජෝ රූට් ටෙස්ට් තරඟාවලි තුල වැඩිම වතාවක් ලකුණු 300 සීමාව පසු කල පිතිකරුවා බවට පත්වූයේ සචින් හා සමවෙමින්.

මීට පෙර ලාරා හා ඩ්‍රාවිඩ් අවස්ථා 18 කදී හා රිකී පොන්ටිං හා ඇලෙස්ටයාර් කුක් අවස්ථා 17 කදී එම කඩයිම පසු කර ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button