Cricket NewsEXCLUSIVEPremier League

CSK කණ්ඩායම හිමිකාරීත්ව දරණ Johannesburg Super Kings කණ්ඩායම ඩොලර් ලක්ෂ 2කක ඉහළ මිලකට මහීශ් තීක්ෂණව රඳවා ගනී.!

දේදුණු දේශය කේන්ද්‍ර කොට ගනිමින් ලබන වසරේ ආරම්භ වීමට නියමිත CSA (Cricket South Africa) විස්සයි-20 ලීගයේ කණ්ඩායම් වැඩි ගණනක් තම සෘජු ගිවිසුම් ගත ක්‍රීඩකයින් පස්දෙනා පසු ගිය දින කිහිපය පුරාවට නිවේදනය කළා..

අද පස්වරුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හිමිකාරීත්වය දරණ ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ මේ වසර සඳහා තම සෘජු ගිවිසුම් ගත ක්‍රීඩකයින් හා පුහුණු කාර්‍ය මණ්ඩලය නිවේදනය කර තිබුනා.

හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් හි නායකත්වය දරණ අතර හිටපු නවසීලන්ත නායක හා වත්මන් CSK කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ස්ටීවන් ෆ්ලෙමිං මෙම කන්ඩායමේ ද ප්‍රධාන පුහුණකරු ලෙසින් කටයුතු කිරීමට නියමිත අතර හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඇල්බි මෝකල් හා එරික් සිමන්ස් ද පුහුණු කාර්‍ය මණ්ඩලය සමඟින් එක්කර ගෙන තිබේ.

ඩු ප්ලෙසිස් ට අමතරව සෘජු ගිවිසුම් ගත ක්‍රීඩකයින් වනුයේ මොයීන් අලී,මහීෂ් තීක්ෂණ,රුමාරියෝ ශෙෆර්ඩ්,ජෙරල්ඩ් කෝට්සේ යන ක්‍රීඩකයින් ය. ගිවිසුම්ගත ක්‍රීඩකයින් අතුරුන් වැඩිම වටිනාමකට හිමිකම් කියනුයේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී වන අතර ඔහුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 4 ක ගෙවීමක් හිමිව තිබේ. නායක ඩු ප්ලෙසිස් හට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3.75 ක් හිමි වන අතර තෙවැනි වැඩිම ගිවිසුම් ගත මුදලට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වන අතර ඔහුට හිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් ලෙසට ගනන් බලා තිබේ.

පසුගිය වසරේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් IPL වරම් දිනාගත් මහීෂ් තරඟ හතකදී කඩුලු 12 ක් බිඳ හෙලා ඇති අතර ඔහු චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඉකුත් තරඟවාරයේ වැඩිම කඩුලු ලබාගත් දඟපන්දු යවන්නා බවට ද පත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button