Cricket NewsEXCLUSIVE

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ කසුන් රාජිත එදා මෙදා තුර ආදේශක ක්‍රීඩකයෙකු වාර්ථා කල හොඳම පන්දු යැවීම වාර්ථා කරයි.!

ජාත්‍යන්තර පිටිය තුල ආබාධ වලට ක්‍රීඩකයින් ලක්වීමත් සමඟ ඔවුන්ට ආදේශ කරන ක්‍රීඩකයින් පන්දු රැකීම සඳහා පමණක් සීමා කර තිබීම පෙරදී සිදුවිය.කෙසේ නමුත් ජගත් ක්‍රිකට් කෞන්සිලය නීති රීති යාවත්කාලීන කරමින් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වන්නේද ඔහු වෙනුවට ඔහුගේ කාර්‍ය හිමි ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට හැකි බව ප්‍රකාශ කලේය.

ඒ හේතුවෙන් දැන් ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙකු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයාට පන්දු යැවීමට හා පිතිකරණයේ යෙදීමට හැකියාව ඇත.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට එම තරඟය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආදේශ කිරීමටයි තීරණය කෙරුණේ.

බංග්ලාදේශ වේගපන්දු යවන්නන් එතරම් සාර්ථක නොවූ චිතගෝන් තණතීරුව තුලදී බංග්ලාදේශ පිතිකරුවන්ට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරතවන්නට රාජිත සමත් විය.

ලකුණු 60 කට කඩුලු 4 ක් බිඳ හෙළූ රාජිතගේ නම් ජගත් ක්‍රිකට් පොත් අලුත් කරන්නට සමත් වූයේ ඉතිහාසයේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් තුලදී ආදේශක ක්‍රීඩකයෙකු වාර්ථා කල හොඳම පන්දුයැවීම වාර්ථා කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button