Cricket NewsEXCLUSIVE

රාහුල් ටෙස්ට් වාර්ථා පොත් අලුත් කරයි…ඉන්දියානු ගෞරවය රාහුල්ගේ විශිෂ්ඨ ඉනිම හේතුවෙන් සුරැකෙයි !

රාහුල් ටෙස්ට් වාර්ථා පොත් අලුත් කරයි…ඉන්දියානු ගෞරවය රාහුල්ගේ විශිෂ්ඨ ඉනිම හේතුවෙන් සුරැකෙයි !

ඉන්දීය කණ්ඩායමත් දකුණු අප්‍රිකාවත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.තවමත් තරඟයේ වැඩි ගෞරව සත්කාරක දේදුණු දේශය සතුයි.තම අවසන් ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් දායකත්වය දක්වන ඩීන් එල්ගර් දකුණු අප්‍රිකානු පළමු ඉනිම ගෞරවාන්විත මට්ටමකට රැග්‍ර්න එමින් සිටිනවා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කලේ ඉන්දීය කණ්ඩායමයි.එහිදී ඉන්දීය කණ්ඩායමට කගීසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ රැස් කරගැනීමට අවකාශය ලැබුණේ ලකුණු 245 ක් පමණයි.

ඉන්දීය ඉනිමේ සමස්ත ගෞරවයම සුරැකුණේ ලෝකේෂ් රාහුල් ගේ ඉනිම මතයි.සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 40 සීමාව පසු කරයන්නට අපොහොසත් වූ පසුබිමක රාහුල්ගේ දායකත්වය ලියැවුණේ ලකුණු 101 ක් ලෙසින්.ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී යද්දී පසු පෙල පිතිකරුවන් හා එක්ව ඔහු සමස්ත ලකුණු පුවරුවෙන් අර්ධයකට වඩා එක් කොට අවසන්.

‍රාහුල්ගේ ඉනිම තුල හයේ පහර හතරක් හා හතරේ පහර දාහතරක් අන්තර්ගත වූවා.

රාහුල් අද ටෙස්ට් වාර්ථා පොත් අලුත් කලේ අසීරුතම ටෙස්ට් තරණතීරුවක් ලෙසින් සැලකෙන Centurion හිදී ශතක දෙකක් රැස් කල ලොව ප්‍රථම හා එකම දකුණු අප්‍රිකානු නොවන පිතිකරුවා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button