Cricket NewsEXCLUSIVEIPL

KKR හි නම් දැරූ ප්‍රභල පිතිකරුවන් අසරණ කළ Kuldeep Yadavගේ සුපිරි පන්දු යැවීම – වැඩිම කඩුලු ලාභීන් අතරත් 2වන තැනට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 41වන තරගය ලෙස Kolkata Knight Riders සමග Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 150ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදී Delhi Capitals කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Kuldeep Yadav ප්‍රතිවාදී Kolkata Knight Riders පිතිකරුවන් අඩපණ කිරීමට සමත් වුයේ සිය පන්දුවාර හතර තුල ප්‍රභල කඩුලු 4ක් බිඳ හෙලමිනි.

ඒ Kolkata Knight Riders නායක Shreyas Iyer ගේ කඩුල්ල, ප්‍රහාරාත්මක පිතිකරු Andre Russellගේ කඩුල්ල, ඕනෑම මොහොතක පිටියෙන් ඉවතට පහරක් එල්ල කල හැකි ක්‍රීඩකයකු ලෙස සැලකෙන Sunil Narineගේ කඩුල්ල සහ ඉනිදිය ක්‍රීඩක Baba Indrajithගේ කඩුල්ලයි.

එමෙන්ම මෙම විශිෂ්ට පන්දු යැවීමත් සමගින් මෙවර IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ද Kuldeep Yadav හට හැකියාව ලැබුනා.

Kuldeep Yadavගේ එම සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button