Cricket NewsEXCLUSIVEIPL

“විස්සයි-20 පිටියේ වේග පන්දු පුරාවෘත්තය” ලසිත් මාලිංග Rajasthan Royals පන්දු යවන්නන් පුහුණු කිරීම අරඹයි.!

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් ලෝකයේ බිහි වු පුරාවෘත්ත ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන, විස්සයි-20 පිටියේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය ද හොබවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා විසිනුයි.

එමෙන්ම මීට පෙර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක වරයෙකු ලෙසද ලසිත් මාලිංග මහතා කටයුතු කළ අතර එම තරගාවලියෙන් අනතුරුව ඔහුව ඉන්දීය තරග සංචාරයට යොදා ගැනීමට මෙරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ නැහැ.

ඒ අනුව මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් සමග ලසිත් මාලිංග එක් වී සිටිනවා.

විශේෂත්වය වන්නේ වසර ගණනාවක IPL ඉතිහාසය තුළ ප්‍රථම වරට ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් වර්ණයන්ගෙන් ඉවත්වී රාජස්ථාන් රෝයල්ස් වරණයන්ගෙන් සැරසීමයි.

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන්ම තවමත් වැඩිම කඩුලු ලාභියා ගේ වාර්තාව ද ලියැවී ඇත්තේ මෙම සුපිරි වේග පන්දු යවන්නාගේ නම ඉදිරියෙනි.

ලසිත් මාලිංග රාජස්ථාන් රෝයල්ස් පන්දු යවන්නන් පුහුණු කිරීම ආරම්භ කර තිබෙන අතර රාජස්ථාන් රෝයල්ස් නිල ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව මෙලෙස වීඩියෝ සටහනක් එක් කර තිබුනේ ලසිත් මාලිංග පන්දු යවන වීඩියොවක් එක් කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7