Cricket NewsEXCLUSIVELPLPremier League

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කරන ක්‍රීඩ­කයෝ 32ක් LPL හා එක්වීමට නියමිතයි

තවත් දින 4කින් ආරම්භ වන ලංකා ප්‍රිමි­යර් ලීග් (එල්පී­එල්) ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා මේ දින­වල පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කරන ක්‍රීඩ­කයෝ 32ක් ඇතු­ළත්ව සිටිති.

ඒ අත­රින් 19ක් ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් වන අතර ඉතිරි 13 දෙනා විදෙස් රට­වල ක්‍රීඩ­කයෝ වෙති. ඒ අත­රින් වැඩිම සහ­භා­ගි­ත්ව­යක් ඇෆ්ග­නි­ස්තා­නය නියෝ­ජ­නය කර­මින් පැමි­ණෙන අතර, එම සංඛ්‍යාව 6කි. ඒ අත­රින් එහි ආර­ම්භක පිති­කරු රාම­නුල්ලා ගුර්බාස් කැපී පෙනෙ­නම ක්‍රීඩ­කයා බවට පත්ව සිටින්නේ ඇෆ්ග­නි­ස්තා­නය ලෝක කුස­ලාන අව­සන් පූර්ව වට­යට ගෙන යන ගම­නේදී ඔස්ට්‍රේ­ලි­යා­වට (60) සහ බංග්ලා­දේ­ශ­යට (43) එරෙ­හිව පිත්තෙන් දැක්වූ දස්කම් හේතු­වෙනි.

ඊට අම­ත­රව මුජීබ් උර් රෙහ්මාන් (ගාල්ල), ඊබ්‍ර­හිම් සද්‍රාන් සහ මොහො­මඩ් නබී (දඹුල්ල) මෙන්ම නූර් අහ­මඩ් (ජැෆ්නා) කැපී පෙනෙන ක්‍රීඩ­කයෝ වෙති. බංග්ලා­දේ­ශ­යෙන් ටස්කින් අහ­මඩ්, මුස්ත­ෆි­සූර් රහ්මාන් සහ ටව්හිද් රිඩෝයි එක් වෙති. එල්පී­එල් වෙන්දේ­සි­යේදී ටව්හිද් රිඩෝ­යිව මිල දී ගැනී­මට කිසිදු කණ්ඩා­ය­මක් ඉදි­රි­පත් නොවු­ණද පසුව ඔහුගේ සේවය ලබා ගැනී­මට දඹුල්ල කණ්ඩා­යම තීර­ණය කර තිබේ.

නව­සී­ල­න්ත­යෙන් ග්ලෙන් පිලිප්ස් සහ මාක් චැප්මන්, පාකි­ස්තානු කණ්ඩා­යමේ උප නාය­කයා වන ශඩාබ් ඛාන් සහ දකුණු අප්‍රි­කාවේ රීසා හෙන්ඩ්‍රික්ස් මෙවර එල්පී­එල් තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කරන විදෙස් තරු බවට පත්ව සිටිති.

මේ ක්‍රීඩ­ක­යන් අත­රින් කිසිදු ක්‍රීඩ­ක­යකු කැන්ඩි කණ්ඩා­ය­මට ක්‍රීඩා නොකි­රීම කැපී පෙ‍නෙන සිදු­වී­මකි. කෙසේ වෙතත් කැන්ඩි කණ්ඩා­යම ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කරන දක්ෂ­තම ක්‍රීඩ­ක­ය­න්ගෙන් සැදුම් ලත් කණ්ඩා­ය­මක් වන අතර, ඔවුන් අතර ශ්‍රී ලංකා පිල මෙහෙ­ය­වී­මට වරම් ලද නාය­ක­යින් පස්දෙ­න­කුම ඇතු­ළ­ත්වීම කැපී පෙනෙයි.

කලම්බු – සදීර සම­ර­වි­ක්‍රම, ශාඩාබ් ඛාන් (පාකි­ස්තා­නය), ග්ලෙන් පිලිප්ස් (නව­සී­ල­න්තය), දුනිත් වෙල්ලා­ලගේ, රාම­නුල්ලා ගුර්බාස් (ඇෆ්ග­නි­ස්තා­නය), ටස්කින් අහ­මඩ් (බංග්ලා­දේ­ශය), මතීෂ පති­රණ.

දඹුල්ල – ඩිල්ෂාන් මදු­ශංක, නුවන් තුෂාර, මුස්ත­ෆි­සූර් රහ්මාන් (බංග්ලා­දේ­ශය), ඊබ්‍ර­හිම් සද්‍රාන් (ඇෆ්ග­නි­ස්තා­නය), රීසා හෙන්ඩ්‍රික්ස් (දකුණු අප්‍රි­කාව), මාක් චැප්මන් (නව­සී­ල­න්තය), ටව්හිඩ් රිඩෝයි (බංග්ලා­දේ­ශය), මොහො­මඩ් නබී (ඇෆ්ග­නි­ස්තා­නය).

ගාල්ල – භානුක රාජ­පක්ෂ, මහීෂ් තීක්ෂණ, ජනිත් ලිය­නගේ, මුජීබ් උර් රෙහ්මාන් (ඇෆ්ග­නි­ස්තා­නය).

ජැෆ්නා – චරිත් අස­ලංක, විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, අස්මා­තුල්ලා ඔම­ර­සායි (ඇෆ්ග­නි­ස්තා­නය), නූර් අහ­මඩ් (ඇෆ්ග­නි­ස්තා­නය), ධනං­ජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක.

කැන්ඩි – වනිඳු හස­රංග, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button