Cricket NewsEXCLUSIVELPLPremier League

එල්.පී.එල්. තරගාවලියට නවතම විශේෂාංගයක් එක්කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ පස්වැන්න ආරම්භ කිරීමට පෙර එයට නවතම විශේෂාංගයක් එක්කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ. එනම් ඉනිමේ 16 වැනි සහ 17 වැනි ඕවර දෙක ප්‍රහාරාත්මක ඕවර දෙකක් ලෙසින් නම් කිරීමයි. මෙම විශේෂාංගය මෙවර තරගාවලියේ සිට එල්.පී.එල්. තරගාවලියට එක්වනු ඇත.

අලුත්ම එල්.පී.එල්. තරග නීති රීති අනුව, ඉනිමේ 16 සහ 17 වැනි ඕවර දෙකම ප්‍රහාරාත්මක ඕවර ලෙසින් සැලකේ. මෙම ප්‍රහාරාත්මක ඕවර දෙක එකතු වන්නේ විස්සයි-20 තරගයකදී සාමාන්‍ය වශයෙන් පවතින, ආරම්භයේ සිට 6 වැන්න දක්වා වන ප්‍රහාරාත්මක ඕවර හයට අමතරවය.

ඉනිමේ 16 සහ 17 වැනි ඕවර වලදී යාර 30 වළල්ලෙන් පිටත රැඳවිය හැක්කේ ක්‍රීඩකයන් හතර දෙනකු පමණි. එම ඕවර දෙකේදී පිතිකරුවන්ට වැඩිපුර නිදහසක් දෙමින් ප්‍රහාරාත්මක පහර කරා යාමට පිතිකරුවන් පෙළඹවීම මෙම නවතම රීතියේ අපේක්‍ෂාවයි.

ඉන්දීය අයි.පී.එල්. තරගාවලියේ පවතින ආකාරයේ ‘සුපිරි අතිරේක ක්‍රීඩකයකු’ එල්.පී.එල්. තරගාවලියටත් හඳුන්වාදීමට යෝජනා කෙරිණ. එහෙත් තරගාවලියේ අධ්‍යක්‍ෂක සමන්ත දොඩන්වල මහතාගේ දැඩි ස්ථාවරය වී වූයේ අනෙක් අය කරන දේම නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සම්ප්‍රදායන් ආරක්‍ෂා කරගනිමින් එල්.පී.එල්. තරගාවලියටම සුවිශේෂී වූ යමක් කළ යුතු බවයි.

ඉනිම අග්ගිස්සේ ප්‍රහාරාත්මක ඕවර යුගලය දොඩන්වල මහතාගේ හඳුන්වාදීමකි.

“මෙම විශේෂාංගයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුළුවන් විදිහට කණ්ඩායම් උපක්‍රමශීලීව ඊට හැඩගැසෙනු ඇතැයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම, මේකෙන් එල්.පී.එල්. තරගාවලියට වඩාත් හොඳ ප්‍රේක්‍ෂක ආකර්ශනයක් මෙන්ම උද්යෝගයක් එක්වනු ඇති බවත් මගේ විශ්වාසයයි” යයි සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button