Cricket NewsEXCLUSIVELPLPremier League

එල්.පී.එල්. තරගාවලිය සඳහා නම්කරන ලද නිලධාරී මණ්ඩලයට මඩුගල්ලේ හා ධර්මසේනත් එක්වේ.

එල්.පී.එල්. තරගාවලිය සඳහා නම්කරන ලද නිලධාරී මණ්ඩලයට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා සහ උසස්ම විනිසුරු මඬුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතාත් ඇතුළත්ව සිටිති. 

ජූලි මස 01 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලිය සඳහා තරග තීරකවරු පස් දෙනෙක් සහ විනිසුරුවරු 12 දෙනෙක් නම්කරනු ලැබ සිටිති. තරග තීරකවරුන් අතරට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජාත්‍යන්තර මණ්ඩලයේ තීරකවරුන් වන ග්‍රැහැම් ලැබ්රෝයි සහ වෙන්ඩල් ලැබ්රෝයි දෙදෙනාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ තීරකවරුන් වන මනෝජ් මෙන්ඩිස් සහ ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් දෙදෙනාත් ඇතුළත් වෙති.

විනිසුරුවරුන් අතර කුමාර් ධර්මසේන මහතාට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වන රවීන්ද්‍ර විමලසිරි, රුචිර පල්ලියගුරුගේ සහ ප්‍රදීප් රඹුක්වැල්ල යන මහත්වරුන් තිදෙනාත්, අයර්ලන්ත ජාතික රෝලන්ඞ් බ්ලැක් සහ පාකිස්තානු ජාතික ෆයිසාල් ඛාන් යන මහත්වරුත් සිටිති.

තරග තීරකවරු
■ රන්ජන් මඩුගල්ලේ
■ ග්‍රැහැම් ලැබ්රෝයි
■ වෙන්ඩල් ලැබ්රෝයි
■ මනෝජ් මෙන්ඩිස්
■ ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් 

විනිසුරුවරු
■ කුමාර් ධර්මසේන
■ රවීන්ද්‍ර විමලසිරි
■ රුචිර පල්ලියගුරුගේ
■ ප්‍රගීත් රඹුක්වැල්ල
■ රෝලන්ඞ් බ්ලැක්
■ ෆයිසාල් ඛාන්
■ චාමර ද සොයිසා
■ ශාන්ත ෆොන්සේකා
■ සංජීව ප්‍රනාන්දු
■ රවීන්ද්‍ර කොට්ටච්චි
■ අසංක නානායක්කාර
■ එස්.පී.ආර්.එල්. දුල්සිරි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button