Cricket NewsEXCLUSIVE

මහේල ජයවර්ධන විසින් රෂිඩ් ඛාන්,ජෝස් බට්ලර්, රිස්වාන්, බුම්රා ඇතුළු සිය සිහින විස්සයි-20 කණ්ඩායම නම් කරයි.!

හිටපු ශ්‍රී ලංක නායක මෙන්ම වත්මන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන තමන්ගේ සිහින විස්සයි විස්ස කණ්ඩායම නම් කරන්නට ඔහුට අවකාශය ලැබුනේ ඉන්දීය මාධ්‍යවේදිනියක් වන සංජනා ගනේශන් සමඟ පැවැති ICC Review වැඩසටහන අතරතුරය.

එහිදී මහේල තම සිහින විස්සයි විස්ස කණ්ඩායමේ පමු ක්‍රීඩකයින් 5 දෙනා නම් කර සිටියේය.

ඔහු එහිදී ආසියානු ක්‍රීඩකයින් සිව්දෙනෙක් හා එක් එංගලන්ත ක්‍රීඩකයෙකුද නම් කලේය.එහිදී ඔහුට තම කණ්ඩායමට එක් කර ගැනීමට අපේක්ෂා කරන ක්‍රිකට් පුරාවෘත්තයක්ද නම් කරන්නට සිදුවිය.එහිදී ඔහු තම සමකාලීන ක්‍රිකට් පුරාවෘත්තයක් එම කණ්ඩායමට එක් කල අතර එම එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ මහේලගේ සිහින කණ්ඩායමට ඇතුලත් නොවුණි.

වර්ථමානයේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් අතුරින් තමන්ගේ සිහින කණ්ඩායමේ පළමු ක්‍රීඩකයා ලෙස මහේල ඇෆ්ගනිස්තාන පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් කාන් නම් කෙරීය.වත්මන් විස්සයි විස්ස තරඟ රටාව තුල ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රශීඩ් ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 105 ක හිමි කරුවෙකි.

“මට නම් පන්දු යවන්නන් තමයි විස්සයි විස්සක්‍රිකට් වල වැදගත්ම අංගය වෙන්නේ. රෂීඩ් ඛාන් පන්දුවට පහර දිය හැකි නියම දඟ පන්දු යවන්නෙක්,ඔහු ඉතා හොඳ අංක හත හෝ අංක අට පිතිකරුවෙක් වන අතර ඔබට අවශ්‍ය සංයෝජන අනුව ඔබට ඔහුව විවිධ අවස්ථා වලදී පිතිකරණයේ යෙදවීම කරන්න පුලුවන් ඔහුට පවර්ප්ලේ, ඉනිමක මැද හා අවසානයේදී වැනි ඉනිමක විවිධ අදියරවල පන්දු යැවීමටද පුලුවන් කොන්දේසි අනුව නරක විකල්පයක් නොවේ, එබැවින් රෂීඩ් මගේ පළමු තේරීම.” මහේල පැවසීය

පකිස්තානු සුපිරි වමත් වේගපන්දු යවන්නා වන යොවුන් ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි මහේලගේ දෙවන තේරීම විය.වත්මන් ICC විස්සයි-20 යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ශහීන් පිළිබඳව මහේල කියා සිටියේ ,

“ඉන්පසු මම තවත් පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ යාමට නියමිත අතර පළමුවැන්නා ෂහීන් අෆ්රිඩි. ඔහු පසුගිය වසරේ විශිෂ්ට ලෝක කුසලාන තරගාවලියක් නියැලුනා.නව පන්දුවෙන් ඉතා හොඳින් පන්දු යවන අතර වේලාසනින් යම් දෝලනයක් ලබා ගැනීමේ ඔහුගේ හැකියාව වැඩියි.ඔහු කඩුලු ලබා ගැනීමේ හොඳම විකල්පය වගේම ඉනිමේ අවසානයේදී ද ඉතා හොඳින් පන්දු යවනඅවා.හොඳ ප්‍රහාරක විකල්පයක් ලෙස ඔහුව සලකන්න පුලුවන්”

වත්මන් ඉන්දීය කණ්ඩායම සතු වටිනාම දකුණත් වේගපන්දු යවන්නා මෙන්ම සීමිත පන්දුවාර තරඟ ආකෘතිය තුල සිටින විශිෂ්ඨතම පන්දුයවන්නා වන ජැස්ප්‍රිත් බුම්රා මහේලගේ දෙවන වේගපන්දු යවන්නා විය.

“ජස්ප්‍රිත් බුම්රා යනු මම කවදත් අගය කරන පුද්ගලයෙක් ඒකට හේතුව තමයි ඔහුට ඉනිමක විවිධ අවධීන්හිදී පන්දු යැවීමේ හැකියාව ඇති නිසා.

ඔහු තවත් කඩුලු ලබා ගැනීමේ විකල්පයක්, ඔබට ඉනිමක් අවසන් කිරීමට යාලුවන් අවශ්‍ය වූ විට, ජස්ප්‍රිට් බුම්රාට වඩා හොඳ කිසිවෙක් නැහැ.”

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම වර්ථමානයේ සක්‍රීය පිතිකරුවන් අතර සිටින සාර්ථකම විස්සයි විස්ස පිතිකරුවා වන එංගලන්ත කඩුලු රකින පිතිකරු ජොශ් බට්ලර් මහේලගේ සිහින කණ්ඩායමේ පළමු නිත්‍ය පිතිකරුවා විය.

“බොහෝ විට මම ජෝස් සමඟ පිතිකරණය ආරම්භ කරනවා.ඔහු ඉතා ආක්‍රමණශීලී වන අතර වේග සහ දඟ පන්දු යන දෙකටම හොඳින් ක්‍රීඩා කරනවා.ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීගයේද විශිෂ්ට තත්ත්වයේ සිටින අතර පසුගිය T20 ලෝක කුසලානයේදීද ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපහසු තත්වයන් යටතේ හොඳින් ක්‍රීඩා කලා” යනුවෙන් මහේල එක් කලේය.

වත්මන් ජගත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීමහි තෙවැන්නා වන පකිස්තානු කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් මහේලගේ සිහින කණ්ඩායමේ කඩුලු රකින්නා විය.ඔහුට ඉනිමේ මැදපෙල වෙන් කර තබන්නට මහේල තීරණය කලේය

“ඊළඟ විකල්පය කඩුලු රකින පිතිකරුවා . ඒ නිසා මම මොහොමඩ් රිස්වාන් සමඟ යනවා. ඔහු බොහෝ විට පකිස්තානය වෙනුවෙන් පිතිකරණය ආරම්භ කරන බව මම දන්නවා.නමුත් මම හිතන්නේ ඔහුට එම මැදපෙළද පන්දුවට පහර දෙන්නට පුලුවන් ඒ වගේම ඔහු දඟ පන්දු යවන්නන්ට එරෙහි ඉතා කාර්යබහුල ක්‍රීඩකයෙක්” මහේල සඳහන් කලේය.

එමෙන්ම ICC Review වැඩසටහන මෙහෙයවනු ලැබූ සංජනා ගනේෂන් විසින් මහේලගේ සිහින කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා එක් කරගැනීමට අපේක්ෂා කරන විශ්‍රාම ගත් ක්‍රීඩකයා කවුරුන්ද යන්න විමසූ විට මහේලගේ පිලිතුර දෙගිඩියාවෙන් තොර වූවකි.

මහේලගේ සමකාලීනයෙකු වූ හිටපු බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් නම් කිරීමට ඔහු තීරණය කලේය.ඒ සඳහා ඔහුට කිසිදු පැකිලීමක් නොතිබුණි.

ක්‍රිස් ගේල් යනු ජාත්‍යන්තර හෝ වේවා ලීග් පිටියේ හෝ වේවා විස්සයි විස්ස ආකෘතිය තුල බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා ය.බට්ලර් සමඟින් ඉනිම ආරම්භ කිරීමට ක්‍රිස් ගේල් උපයෝගී කරගන්නා බව මහේල පැවැසීය.

“30 හැවිරිදි ජෝස් බට්ලර් සමඟ පිතිකරණය ආරම්භ කිරීමට මම ක්‍රිස් ගේල් ගන්නවා. එය විශිෂ්ට සංයෝජනයක් වේවි.ක්‍රිස් නිශ්චලව සිට පහර දෙනු ඇත, ජෝස්ට ඔහු වෙනුවෙන් වේගවත්ව ලකුණු රැස් කරන්නට සිදුවනු ඇත.ඔහු 2007 දී දකුණු අප්‍රිකාවේ පැවති පළමු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඔහුගේ උච්චතම දක්ශතා අතර සිටි අතර දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කල එම මංගල ශතකය විශේෂ දෙයක් විය. ක්‍රිස්ට ඕනෑම වෙලාවක තරඟයක් වෙනස් කළ හැකි නිසා මම ක්‍රිස්ව ඉහළින්ම ගන්නවා.”

මහේල එහිදී සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button