Cricket NewsEXCLUSIVEIPLSocial Reaction

“මතිෂ පතිරණ, ලෝකය නිසැකවම ඔබේ නම දැනගනීවි, Chennai Super Kings කණ්ඩායමේ අනාගත තරුව ඔබයි” – සුපිරි ක්‍රිකට් ක්‍රීඩක DJ Bravo තැබූ අපුරු Instagram සටහන.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකිරීමට පෙර IPL තරඟයක ක්‍රීඩාකල පළමු ක්‍රීඩකයා බවට යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ පත් වුයේ පසුගිය දා Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමිකර ගැනිමත් සමගයි.

එමෙන්ම ඊයේ Rajasthan Royalsසමග පැවැති තරගයේදී ද පිතිකරුවන් මනා ලෙස පාලනය කරමින් පන්දු යැවීමට මතීෂ පතිරණ සමත්වුණා.

ඒ හේතුවෙන් Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං දෝනි තරගයේ තීරණාත්මක 18 වන සහ 20වන පන්දුවාර යැවීමේ වගකීම ද මතීෂ පතිරණ හට ලබාදුනා.

ඊයේ පැවති එම තරගයක් සමග Chennai Super Kings කණ්ඩායමේ මෙවර IPL 2022 තරගාවලියේ සියලු තරග නිමා වූ අතර තරඟය අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ද මහේන්ද්‍ර සිං දෝනි පවසා සිටියේ ලබන වසරේ දීද මතීෂ පතිරණ Chennai Super Kings කණ්ඩායමේ කොටසක් බවට පත් වනු ඇති බවයි.

මේ අතර Chennai Super Kings කණ්ඩායමේ ආරම්භයේ පටන්ම සාමාජිකයෙකු වන කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Dwaine Bravo මතීෂ පතිරණ පිළිබඳව අපූරු Instagram සටහනක් එක් කර තිබෙනවා.

එහිදී DJ Bravo සඳහන් කර තිබෙන්නේ, ලෝකය නිසැකවම ඔබේ නම දැනගනීවි, Chennai Super Kings කණ්ඩායමේ අනාගත තරුව ඔබයි”

DJ Bravo තැබූ Instagram සටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button