Cricket NewsEXCLUSIVEIPLMatch Review

මුම්බායි කණ්ඩායම ලකුණු 5 කින් පරාජය කල LSG පිල Play off වටය අසලටම !

ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර තුල සිටි ලක්නව් සුපර් ජයන්ට්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැති තීරණාත්මක තරඟය ඊයේ නිමාව දුටුවේ සත්කාරක ලක්නව් ක්‍රීඩකයින්ට ලකුණු පහක තියුණු ජයක් උරුම කර දෙමින්.

කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිත් ශර්මා ලක්නව් පිලට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කලේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ලක්නව් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර විස්ස නිමා කලේ කඩුලු තුනක් දැවී ලකුණු 177ක් රැස් කරගනිමින්.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ මාකස් ස්ටොයිනිස් පන්දු 47 කදී නොදැවී ලකුණු 89 ක් රැස් කල අතර නායක කෘනාල් පාන්ඩ්‍යා ලකුණු 49 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී මුම්බායි පිල වෙනුවෙන් ජේසන් බෙහෙන්‍රොෆ් කඩුලු දෙකක් බිඳ හෙලීය.

ලකුනු 178 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය මුම්බායි පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කරන්නට මුම්බායි ආරම්භක පිතිකරුවන් සමත් වූ මුත් මැදපෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසන් කිරීමට සිදුවූයෙ කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් පමණක් ලබාගනිමින්.

ඉශාන් කිශාන් ලකුණු 59 ක් රෝහිත් ශර්මා ලකුණු 37 ක් හා ටිම් ඩේවිඩ් නොදැවුණු ලකුණු 32 කින් ලකුණු පුවරුවට දායකත්වය දැක්වූ මුත් එය ජයග්‍රහණයක් කරා යන්නට ප්‍රමාණවත් නොවූයේ අවසන් පන්දුවාරයේදී යොවුන් ක්‍රීඩක මොශීන් ඛාන්ගේ විශිෂ්ඨ දස්කම් හේතුවෙන්.

ඒ අනුව තරඟ ලකුණු 5 කින් ජයගත් ලක්නව් පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහලට පැමිණියේ ප්‍රසාද ලකුණු 15 ක් ලබාගනිමින්.

තරඟයේ වීරයා ලෙසින් මාකස් ස්ටොයිනිස් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7