Cricket GossipCricket NewsEXCLUSIVELPLPremier League

Jaffna Kings වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP විසින් හකුලා ගනී – MTFE සන්නාමය ගැන වැරදි සමාජ මාධ්‍ය ඔස්සෙ පතුරවන්නන්ට නීතිමය පියවර ගන්නා බවද ඔවුන් පවසයි.

මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්‍රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ධියට පත් MTFE හදිසියේ ජැෆ්නා කණ්ඩායමේ නිල ජර්සියෙහි තම ලාංඡනය ප්‍රදර්ශනය කිරීම වලකාලමින් ලිපියක් නිකුත් කර තිබේ.

තරඟාවලිය ඇරඹී දින තුනක් පමණක් ගතව තිබෙන පසුබිමක පළමු තරඟයේදී පමණක් MTFE ලාංඡනය ප්‍රදර්ශනය කිරීම තුල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූයේ දැඩි විරෝදයක්.

එවන් පසුබිමක MTFE ආයතනය ලිපියක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්

“LPL 2023 තරඟ මාලාවේදී කණ්ඩායම් ජර්සිය සහ වෙළඳ දැන්වීම් සඳහා අනුග්‍රහය දැක්වීය. නමුත් අපේ සංවිධානයට අගෞරවයක් වන ආකාරයේ මතයන් විසුරුවා හැරීමට එක්තරා පිරිසක් කටයුතු කර තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු MTFE SL GROUP ලාංඡනය ක්‍රීඩකයන්ගේ ජර්සිය මත ප්‍රදර්ශනය කිරීමෙන් සහ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මෙයින් ඉල්ලා සිටිමි. අනුග්‍රහය දිගටම කරගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වන්නෙමි.
මෙය අපගේ සන්නාමයට සෘජුවම බලපාන බැවින් සමාජ මාධ්‍යවලට අනුබල දෙන සහ වැරදි පණිවිඩ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව අපගේ නීති දෙපාර්තමේන්තුව අවශ්‍ය නීතිමය පියවර ගනු ඇත.

මෙම ගැටලු හැකි ඉක්මනින් විසදා නැවතත් අපගේ නාමය ප්‍රදර්ශනය කිරිමට අප බලාපොරොත්තුවෙන් සිටි..

ස්වර්ණවාහිනිය සහා sbc මාධ්‍යයේ අපගේ නාමය දිගටම ප්‍රචාරනය වෙන බව දන්වා සිටිමි. ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
1
+1
66
+1
4
+1
6
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button