Cricket NewsEXCLUSIVEIPLPremier League

හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කිරීමත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු සටහනෙ 6 වැනි ස්ථානයට – RCB කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා ඇද වැටේ.

IPL හී 25 වන තරගය ලෙස ඊයෙ (18) හයිද්‍රාබාද් හීදි පැවති තරගයෙන් ලකුණු 14ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් උනා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 දි කඩුලු 5කට ලකුණු 192ක් ලබා ගත්තා. එහිදි කැමරන් ග්‍රීන් පන්දු 40කින් නොදැවි ලකුණු 64ක් ද, ඉශන් කිශන් පන්දු 31කින් ලකුණු 38ක් හා ප්‍රවේගකාරි ඉනිමක් ක්‍රීඩා කල තිලක් වර්මා පන්දු 17කින් ලකුණු 37ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5ක් තුල සියලු දෙනා දැවී ලබා ගත්තෙ ලකුණු 178ක් පමණයි.

මායන්ක් අගර්වාල් ලකුණු 48ක් හා ක්ලාසන් ලකුණු 36ක් ලබා ගත් අතර පන්දු යැවීමේදි රයිලි මෙඩිරිත් හා ජේසන් බෙන්ඩ්‍රොෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ සමගම මුම්බායි කණ්ඩායම ලකුණු සටහනෙ 6 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7