Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකා කණ්ඩායම සෑම අංශයකින්ම ප්‍රබල කණ්ඩායමක්.ඒ නිසා කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන්” – මුත්තයියා මුරලිදරන්

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය අරඹමින් අද ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් Daily Mirror වෙත පවසා තිබුණේ මෙවැන්නක්.

“මෙගා ඉසව්වට ශ්‍රී ලංකාවේ සහභාගී වීම ගැන මට කිසිම සැකයක් නැහැ.ඊට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන කණ්ඩායම් දහයෙන් ප්‍රබලම කණ්ඩායම වීමයි.අපේ කණ්ඩායම සෑම අංශයකින්ම ප්‍රබල කණ්ඩායමක්.ඒ නිසා කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම් පරාජය කරන්න පුළුවන්”

එමෙන්ම තරඟාවලිය තුල අවසන් මහා තරඟය දක්වා පැමිණෙන කණ්ඩායම් ද්විත්වය ලෝක කුසාලනය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර මුරලිදරන් කියා සිටියේ ඔහු මෙවර වඩාත් සුභවාදීව ඔවුන් සමඟින් සිටින බවයි .

“කණ්ඩායම එක් තරගයක් පැරදුනත් එයට තවමත් සුදුසුකම් ලබා ගන්න පුලුවන් මම ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මම සුබවාදීව සිතනවා”

යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button