Cricket NewsDomestic CricketEXCLUSIVE

ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් දික්වැල්ලගෙන් වේගවත් ශතකයක්.

නායක නිරෝෂන් දික්වැල්ලගේ වේගවත් ශතකය හේතුවෙන් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය යටතේ පැවති තරගයෙන් ටැමිල් යූනියන් පිල පරදවා ලකුණු 228ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට එන්සීසී ක්‍රීඩා සමාජය සමත් විය.

එන්සීසී පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 359ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ටැමිල් යූනියන් පිලට ඕවර 19.4කදී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131ක් පමණි. ලකුණු 33ක් රැස් කළ සිනෙත් ජයවර්ධන ටැමිල් යූනියන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී අශේන් ඩැනියෙල් කඩුලු 4ක්, ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

එන්සීසී ඉනිමට වේගවත් ආරම්භයක් දුන් නායක නිරෝෂන් දික්වැල්ල හතරේ පහර සහ හයේ පහර 8 බැගින් එල්ල කරමින් ලකුණු 112ක් රැස් කළේ පන්දු 59ක් පමණක් වැය කරමිනි. ඔහුට අනගි සහායක් දුන් ළහිරු උදාර පන්දු 54කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 88ක් රැස් කළේය. දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව 168කි. චාමික ගුණසේකර නොදැවී ලකුණු 59ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී සඳුන් වීරක්කොඩි සහ අයන සිරිවර්ධන කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ පැවති තරගවලදී ඒස් කැපිටල් ලකුණු 22කින් මීගමුව පරාජය කළ අතර, රාගම කඩුලු 5ක ජයක් හිමි කර ගත්තේ හලාවත කණ්ඩායමට එරෙහිවය. බදුරලිය පිල කුරුණෑගලට එරෙහිව ලකුණු 137ක ජයක් වාර්තා කළ අතර, සීසීසී පිල කඩුලු 9කින් බීආර්සී, මුවර්ස් ලකුණු 66කින් කැන්ඩි කස්ටම්ස් සහ පොලිසිය ලකුණු 75කින් නුගේගොඩ පරාජය කළේය. මෙහිදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සීසීසී පිලේ නිෂාන් මධුෂ්ක සමත් විය. ඔහු පන්දු 63කින් ලකුණු 122ක් රැස් කළේ හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟිනි. ඒස් කැපිටල් කණ්ඩායමේ තනුක දාබරේ හොඳම පන්දු යැවීම සටහන් කළේ ලකුණු 28කට කඩුලු 6ක් බිඳ දමමිනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button