Cricket NewsDomestic CricketEXCLUSIVE

අන්තර් සමාජ තරඟ තුලදී පිට පිට ශතක හතරක් රැස් කල ප්‍රථම ලාංකික පිතිකරුවා බවට නිශාන් මධුශ්ක පත්වෙයි !

මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන් දින තරඟාවලිය තුලදී වාර්ථා වූ හොඳම පෞද්ගලික ඉනිම ඊයේ සෙබස්තියන්ස් කණ්ඩායමට එරෙහිව නිශාන් මධුශ්ක රාගම කණ්ඩායම වෙනුවෙන් රැස් කලේය.ඔහු මෙවර තුන්දින තරඟාවලිය තුලදී ඉනිම් තුනකදී ශතක තුනක් රැස් කල අතර ඊයේ ඔහු සිය පළමු පෙල ප්‍රථම ත්‍රිත්ව ශතකය වාර්ථා කලේය.ඒ නොදැවුණු ලකුණු 300 ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරමිනි.

නිශාන් මධුශ්ක ඉනිම් තුනකදී මේ වන විටත් ලකුණු 550 ක් රැස් කරගෙන අවසන්,දීර්ඝ තරඟ තරඟ ආකෘතීන් තුල නිශාන් මධුශ්ක සතුව විශාල ධාරිතාවයක් ඇති බව ඔහු පෙන්නුම් කරමින් සිටින්නේය.

දේශීය අන්තර් සමාජ පිටිය තුලදී ඔහුගේ අවසන් ඉනිම් හතර තුලදී ශතක හතරක් රැස් කරන්නට ඔහු සමත් විය.ඔහු මෙවර අන්තර් සමාජ තුන්දින තරඟාවලියට පෙර කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස් කලේය.ඉන් අනතුරුව මෙවර තරඟාවලියේදී ගාල්ල ක්‍රිකට් සාමජයට එරෙහිව ඉනිම් දෙකේදීම ශතක දෙකක් හා ඊයේ සෙබස්තියන්ස් කණ්ඩායමර එරෙහිව ත්‍රිත්ව ශතකයක් වාර්ථා කලේය.

නිශාන්ගේ අවසන් ඉනිම් හතර තුලදී ඔහු ශතක හතරක් රැස් කරන්නට ඔහු සමත් විය.එය වාර්ථා අතරට එක්වූයේ එම දස්කම දැක්වූ ප්‍රථම ලාංකික ක්‍රීඩකයා ලෙසටයි.

මීට පෙර අවසන් වරට එම දස්කම දක්වා තිබුණේ ඉන්දීය ක්‍රීඩක පාතිව් පටෙල් විසින් 2006 වසරේදීය.නිශාන් එම දස්කම දැක්වූ ලොව 11 වන ක්‍රීඩකයා ලෙසට වාර්ථා අතරට එක්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button