EXCLUSIVETrending Article

“දැන් කාලය ඇවිල්ලා, දසුන් ශානක ඇතුලු අපේ කොල්ලන්ට අවසන් මහා තරඟයේ එක් ස්ථානයක් නැවතත් අපේ අණසකට නතු කර ගන්න” – ක්‍රිකට් රසිකයකු තැබූ අපුරු සටහන.!

ආසියානු කුසලානයත් එහෙනං පටන් ගන්නවා. ඔය ආසියානු කුසලානය ගැන කියන්නේ ශ්‍රි ලංකාව කියන්නේ පට්ට මොරාල් එකෙන් සද්දෙට කතා කරන්න පුළුවන් නමක්. ඇයි කියන්න හේතු ඇති පදමට තියෙනවා.

කතාවට බහින්න කලින්ම පුංචි එකක් කියන්නම්,

ශ්‍රි ලංකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායාද වුනු අනගිභවනීය කසකාරයා, ඔව්.. ඔව්…සනත් ජයසූරිය ගැන තමයි කියන්නේ,
එයා තමයි මේ ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා, එයා ලකුණු 1220ක් මේ ආසියානු කුසලාන තරග වල ලබාගෙන ඉන්නවා.

ඒ විතරක් නෙමෙයි. පන්දු යවන්නන් ගත්තොත් වැඩිම කඩුලු ලබාගෙන ඉන්නෙත් අපේ එකෙක්. ඒ තමයි වේගපන්දු පුරාවුර්ථය ලසිත් මාලිංග, එයා කඩුලු 33ක් මේ ආසියානු කුසලානයේ ලබාගෙන ඉන්නවා.

දැන් ඉතිහාසයට යමු.

අපි පස් වතාවක් මේ ආසියානු කුසලානය දිනාගෙන තියෙනවා. අපි අන්තිමට දින්නේ 2014දි. ඒ පකිස්තානය පරාජය කරලා. එතකොට අපි 11ස් වතාවක් ආසියානු කුසලාන තරගාවලි වල අවසාන මහ තරගයට සුදුසුකම් ලබලා තියෙනවා. විශ්වාස කරනවද ? මේ ආසියානු කුසලානය පටන් ගත්තේ 1984 වර්ෂයේ. එදා ඉදලා 2010 වෙනකල් අපේ අය ආසියානු කුසලාන තරගාවලි වල අවසන් තරග වල ආසනය කල් තියාම වෙන කරගෙන හිටියා.

ඕක නැති වෙන්නේ 2012දි. එදා අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ පකිස්තානය සහ බංග්ලාදේශය,

කොහොම හරි අපි ආයෙමත් 2014දි ෆයිනල් ඇවිත් කප් එකත් අරන් යනවා. එතැනින් පස්සේ තරගාවලි දෙකක් තිබුනා. ඔය තරගාවලි දෙකේම අපිට ෆයිනල් මිස් වෙනවා.

2016 පැවති ආසියා කුසලානයේ අපි දිනන්නේ UAE මැච් එක විතරයි. අපි ඉන්දියාවට , පකිස්තානයට සහ බංගලියන්ගෙනුත් පරදිනවා.

2018 කියන්නෙත් අඳුරු මතක වලින් පිරුණු තරගාවලියක්, අපි මේ තරගාවලියේ පලවෙනි වටෙන්ම එළියට යනවා. ඒ පරදින්නේ බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන්,

හිතා ගන්නකෝ… 2010 වෙනකල් ආසියානු කුසලානයේ ෆයිනල් සීට් එක වෙලාසනින්ම බුක් කරගෙන හිටපු අපි මේ සීරිස් දෙකේම දරුණු පරාජයන් ලබනවා.

ඔය ආසියානු කුසලානයේ වර්තමානයේ අපි කොච්චර හෑල්ලු කරත් බංග්ලාදේශය කියන්නේ එසේ මෙසේ කන්ඩායමක් නෙමෙයි. එයාලා ඔය තරගාවලියේ මොන උප්පරවැට්ටියක් ගහලා හරි ෆයිනල් එනවා. අන්තිම තරගාවලි දෙකේම ඉන්දියාව එක්ක ෆයිනල් එන්නේ ශ්‍රි ලංකාවවත් පකිස්තානයවත් නෙමෙයි. බංගලියෝ… ඉතිං ලේසියට තකන්න බැ.. බංග්ලාදේශය විතරක් නෙමෙයි ඇෆ්ගනිස්තානය පවා ප්‍රභලයි.

ඉතිං මෙවර අපිට ඔය රටවල් දෙකම මුණ ගැහෙනවා. මෙවර අපිට ඔය පරණ තරගාවලි දෙකට වඩා ප්‍රභල කන්ඩායමක් ඉන්නවා. එහෙම කියන්නේ වර්තමානයේ අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා හින්දා.

ඔව් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට තාමත් හරි ආරම්භක පිතිකරුවෙක් සහ නොම්බර හතරට හිඩැසක් තියෙනවා. අමතක කරන්න එපා. ඕක තිබ්බේ අද ඊයේ නෙමෙයි. ගියවර ලෝක කුසලානයට අපි ගියෙත් එහෙම. හැබැයි අන්තිමට එංගලන්ත නායකයා පවා අපේ සටන්කාමීත්වය ගැන මහ ඉහලින් කතා කරා. අපි තරග දින්නා. ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාවටම ගිහින් හොද සටනක් දුන්නා. මැච් එකක් දින්නා. එක මැච් එකක් සුපර් ඕවර් වෙනකල් අරගෙන ආවා. ඒ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවට ලංකාවෙදි මිරැකල් පෙන්නුවා. ඒ වත්මන් ලෝක ශූරයෝ.

ඉතිං ඔය දේවල් ඔක්කොම වුනේ අර උඩ කියපු අවුල් දෙකත් තියාගෙනම තමයි. අද වෙද්දි පැතුම් නිස්සංක වර්ල්ඩ් ‍රෑන්කින් වල හොදම දහදෙනා අතර පිතිකරුවන්ගෙන් ඉන්නවා. මහීෂ්ලා වනිදුලා වර්ල්ඩ් ‍රෑන්කින් උඩම ඉන්නවා.

ඉතිං දැන් අපිට ඕපන් එකටත් විසදුමක් තියෙනවා. කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙක් විදිහට ආවාම ඒ ප්‍රශ්නෙත් විසදෙයි කියලා හිතනවා. එ

මොකද අපි වර්ල්ඩ් කප් එකක් මේ T20 ෆෝමැට් එකේ දින්නෙත් අපිට මහ ලොකු පවර් හිටර්ස්ලා ඉදලා නෙමෙයි. එදා ටීම් එකේ පිතිකරන ලැයිස්තුව බැලුවොත් අපිට හිටියේ කුසල් පෙරේරා , තිලකරත්න දිල්ශාන් , කුමාර සංගක්කාර , මහේල ජයවර්ධන , ලහිරු තිරිමාන්න , ඇන්ජලෝ මැතිව්ස් , තිසර පෙරේරා වගේ නම් ලිස්ට් එකක්. මේ අය තමයි ෆයිනල් එක දිනලා අපිට වර්ල්ඩ් කප් එකක් අරන් දුන්නේ.

අද ඉන්නෙත් ඔය වගේම සෙට් එකක්. මහ ලොකු පවර් හිටර්ස්ලා නැ.. හැබැයි අපි පවර් හිටර්ස්ලා නැ කියලා මැච් දිනන්නේ නැතුව හිටියේ නැ. අපි මැච් ගැහුවා. දින්නා. අපි දින්නේ අපේ ස්කිල් එකෙන්. අපි අපේ ස්කිල් එක හදුනගෙන තරග දිනලා කප් ඉස්සුවා. අපේ ස්ට්‍රෙන්ත් එක වුනේ බෝලිං. අපි පන්දු යවලා ඔපසිශන් එක නන්නත්තාර කරා.

අද ඉන්නෙත් මේ වගේම සෙට් එකක් තමයි. අපිට හොද පන්දු යවන්නන් පිරිසක්ම ඉන්නවා. පිතිකරනය ගත්තත් එදා අද කියලා ලොකු වෙනසක් නෑ… ඉතිං හරියට අපි අපේ ස්කිල් එක හදුනාගෙන තරගයෙන් තරගය ප්ලෑන් කරලා එකතු වෙලා මේ ගේම ගැහුවොත් දිනන එක මහ අමුතු දෙයක් නෙමෙයි.

දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ.

අපිට අවුරුදු දෙකක් ෆයිනල් මිස් වුනා. ඔන්න වාරේ ආවා. දසුන් ශානක ඇතුලු අපේ කොල්ලන්ට ආයෙමත් අපේ අතීතයේ ඇත්තන් වෙන් කරගෙන හිටපු අවසන් තරගයේ ආසනය නැවතත් අපේ අණසකට නතු කර ගන්න.

ඉතිං සුභ පතමු අපේ කොල්ලන්ට, ජය ශ්‍රි !!!!

– Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button