Cricket NewsDomestic CricketEXCLUSIVE

ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම තරගයෙන් මහනුවරට පහසු ජයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර අද (23 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ ඕවර 23.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. කමිල් මිෂාර (නොදැවි 66) සහ චමෝද් සඳරු (නොදැවී 33) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 101 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගෙඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 64 කට මුහුණදුන් කමිල් හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 44 කදී වාර්තා වූ චමෝද්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 26 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට ඕවර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 97 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 66 ක් රැස්කිරීමට සමත් විය.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඕවර 8 ක් යැවූ ළහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත් අතර චාමික ගුණසේකර නිලකුණු ඕවරයක් සමග ඕවර 7 ක් යවමින් කඩුලු 17 කට කඩුලු 3 ක් බිඳහෙළීය. චමෝද් සඳරු, චාමික කරුණාරත්න, වනුජ සහන් සහ අෂීන් ඩැනියෙල් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button