Cricket NewsEXCLUSIVEInternational

දිමුත්ගේ වීසා ගැටලුව අවසන් ! යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක් වීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් මව්බිමෙන් පිටව යයි !

Dimuth Karunaratne: 'We have to compete, but we can't do that by copying India'

පසුගියදා ඇති වූ වීසා ගැටලුවක් හේතුවෙන් යෝක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හට යෝක්ෂයර් පිල වෙනුවෙන් සිය පළමු තරඟය අහිමි විය.

දිමුත් අවසන් වසර කිහිපය තුල සිය ටෙස්ට් පිටියේ දස්කම් තුල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලේය.ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්හි සයවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා නායක දිමුත් පසුගියදා එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත විය.

මෙවර පළමු පෙල තරඟවාරයේදී යෝක්ෂයර් පිළ සහභාගී වන පළමු තරඟය ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හට අහිමි වීය.ඒ බ්‍රිස්ටල් හිදී පැවැති තරඟය එසේ දිමුත්ට අහිමිවූයේ ඔහුට ඇති වූ වීසා ගැටලුවක් හේතුවෙනි.

කෙසේ නමුත් විශ්වාසනීය තොරතුරු සනාත කරන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ වීසා ගැටලුව අවසන්ව ඇති බවය.ඔහු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට අද (18) දිවයිනෙන් පිටත්ව යන අතර ඔහු මැයි මාස 09 වනදා ටෙස්ට් කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.ඒ ලබන මැයි මස ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ තරඟාවලිය සමඟින් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7