Cricket NewsEXCLUSIVE

එක්දින ශතක වලින් ජයග්‍රහණට පාර කපන පකිස්තානු රණකාමියා – “බාබර් අසාම්”

නූතන යුගයේ සාර්ථකම පිතිකරුවන් අතුරින් බාබර් අසාම්ට සුවිශේෂී තැනක් හිමිවනවා.එක්දින ජාත්‍යන්තර තරඟ තුලට පැමිණෙන විට එය තවත් බාබර්ගේ සාර්ථකත්වය පෙන්නුම් කරන කැඩපතක් බවටත් පත්වනවා.

එක්දින පිතිකරුවකු ලෙසින් බාබර් 59.6 සාමාන්‍යක් රඳවාගන්නට සමත්වෙනවා. විශේෂත්වය තවමත් 27 වන වියේ පසුවන බාබර් අත්දැකීම් වලින් මුහුකුරා ගිය පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් නිරන්තරයෙන් ලකුණු අතරට පිවිසෙන්නටත් දඟ පන්දු යවන්නන්ට මෙන්ම වේගපන්දු යවන්නන්ටත් එරෙහිවත් එක හා සමානව දක්වන සාර්ථකත්වයත් බාබර්ගේ විශිෂ්ඨත්වය පෙන්නුම් කරනවා.

එක්දින ඉනිම් 90 ක් අවසානයේදී බාබර්ගෙ ලකුණු මල්ලට ලකුණු 4664 ක් ශතක 17 ක් හා අර්ධ ශතක 22 ක් ඇතුලත්.ඉනිම් 90 ක් අවසානයේදී වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කල පිතිකරුවාද වන්නේ බාබර්.

ඒ හැරුණු කොට බාබර් නම් පිතිකරුවා තරඟ දිනවන්නෙක්.ඔහුගේ ශතක 17 න් 14 ක් ජයග්‍රාහී ශතක වනවා.එය ප්‍රතිශතයක් ලෙසින් ගත්කල 80% ක්.

ඔහු ශතක වාර්ථා කල අවස්ථා 17 න් 16 කදීම ඉනිමේ වැඩිම ලකුණු ලාභියාද වූවා.නායකයෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසද බාබර් සතුව ඇත්තේ පුළුල් පරාසයක විහිදුනු හැකියාවක්.නොටැංහැම් හිදී එංගලන්තයට එරෙහිව බාබර් වාර්ථා කල ලකුණු 115 ,2021 වසරේ බර්මිංහැම් හිදී රැස් කල ලකුණු 158,2016 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ් හිදී රැස්කල ශතකය හා ලෝක කුසලාන තරඟාවලියේදී නවසීලන්තයට එරෙහිව රැස් කල ශතක බාබර්ගේ සතු අද්විතීය තාක්ෂණයට උදාහරණ පෙන්නුම් කරනවා.

එමෙන්ම SENA රටවල් තුලදීද අඩුම ඉනිම් ගණනකදී ශතක රැස් කල පකිස්තානු ක්‍රීඩකයා වන්නේද වන්නේ බාබර්.

ආසියානු උපමහද්වීපය තුලදීද බාබර් සාජා,මුල්තාන්,අබුඩාබි,ලාහෝර් හා රාවල්පින්ඩි වැනි ක්‍රීඩාංගණවලදී ලකුණු රැස් කිරීමේ රුසියෙක්.

එමෙන්ම කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිව බාබර් දක්ෂතා දැක්වීමේදී හිනිපෙත්තෙහි සිටිනවා.ඔහුගේ ශතක සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ගණනක් ඔහු එම කණ්ඩායම් දෙකට එරෙහිව රැස් කර තිබීම විශේෂත්වයක් .

නමුත් ටෙස්ට් වරම් ලාභී රටවල් 9 ටම එරෙහිව බාබර් ශතක ලබාගෙන තිබෙනවා.ඉන්දියාවට එරෙහිව පමණක් තවමත් බාබර් ශතකයක් ලබාගෙන නැහැ.බාබර් කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිව පමණක් දක්ෂතා දක්වනවා කිවහොත් එම කරුණට එකඟ වීමේ හැකියාවක් නැහැ.

ඊට හේතුව එක්දින තරඟ තුලදී බාබර් තමන්ට ලැබෙන අවස්ථාවන්හිදී සාර්ථකත්වයක් සෑම කණ්ඩායමකටම ඒරෙහිව අත්පත් කරගෙන තිබීමයි.ඔහු ලකුණු අතර නිරන්තරයෙන් රැඳීමට දක්වන හැකියාව එකී සෑම කණ්ඩායමකටම එරෙහිව ඔහු හොඳින් දක්වා තිබෙනවා.

ඔහු ශතකයක් වාර්ථා කල අවස්ථා නවයකදීම තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගෙන ඇති අතර නූතන යුගයේ සාර්ථකම පිතිකරුවන් තිදෙනා අතර ඉදිරියෙන්ම බාබර් ගේ නම තැබීමට පුලුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button