Cricket NewsEXCLUSIVEIPL

IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කළ Pat Cumminsගේ ගිණිකෙළි සැණකෙළිය

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 14වන තරගය ලෙස ඊයේ Mumbai Indians කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟායේ කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 162ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riderse පිතිකරුවන් පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 162ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදී Kolkata Knight Riders සුපිරි ප්‍රහාරාත්මක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Pat Cummins පන්දු 15ක් තුල වෙගවත් ලකුණු 56ක් රැස් කලේ ඉන්දීය ප්‍රිමියර් ලිග් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව කරමිනි.

ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහර 6 ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වුනා.

ඔහුගේ එම සටන්කාමී ඉනිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button