Cricket NewsEXCLUSIVEIPLMatch Review

Rabada, Dhawan, Livingstone සහ භානුක රාජපක්ෂ දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් අංක එකේ Gujarat Titans කණ්ඩායම පරාජය කල Punjab Kingsට කඩුලු 8ක විශිෂ්ට ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 48වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gujarat Titans කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර ම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ රැස් කිරීමට සමත් වුයේ ලකුණු 143ක් පමණයි.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Sai Sudharsan පන්දු 50කදී ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වුනා..

පන්දු යැවීමේදී Kagiso Rabada කඩුලු 4ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 145ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර අද දිනයේදී Punjab Kings වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණි J. Bairstow Punjab Kingsහි මුළු ලකුණු සංඛ්‍යාව 10 වන විට දැවී ගියේ තරඟයේ පීඩනය Punjab Kings වෙත ලබා දෙමිනුයි.

අනතුරුව පිටියේ එක් වූ භානුක රාජපක්ෂ සහ Shikhar Dhawan විසින් Punjab Kingsඉනිම ගොඩනැගීමේ විශිෂ්ට ඉනිම දියත් කරනු ලැබුවා. ඔවුන් දෙදෙනා ලකුණු 87ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුනා.

Liam Livingstone පන්දු 53ක් තුල ලකුණු 62ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා. භානුක රාජපක්ෂ පන්දු 28ක් තුල ලකුණු 40ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වුනා.

Liam Livingstone පන්දු 10ක් තුල අධිවේගී ලකුණු 30ක් රැස් කරමින් Punjab Kings කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙනගියා.

පන්දු යැවීමේදී Lockie Ferguson සහ Mohammed Shami කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button