Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings කණ්ඩායමේ අවසන් තරඟය දැවැන්ත හයේ පහර 5ක් සමගින් Liam Livingstone ගිනිකෙළි සැණකෙළියක් කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 70වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් මෙවර තරඟාවලිය අවසන් කිරීමට Punjab Kings කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 158ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් පන්දුවාර 15.1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 160ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Punjab Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Liam Livingstone පන්දු 22ක් තුල වෙගවත් ලකුණු 49ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පැහැර ක් ඇතුලත් වුනා. ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 222.73 ලෙසයි.

Liam Livingstoneගේ එම සුපිරි පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button