Cricket NewsEXCLUSIVEIPLMatch Review

Andre Russellගේ දැඩි ප්‍රහාරාත්මක පිතිකරණය හේතුවෙන් භානුක රාජපක්ෂගේ Punjab කණ්ඩායමට කඩුලු 6ක පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 8වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Andre Russell සහ චාමික කරුණාරත්න නියෝජනය කරන Kolkata Knight Riders කණ්ඩායම අතර පවතී තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 2ක් තුල සියලු දෙන දැවී ලකුණු 137ක් රැස් කිරීමට සමත් වුනා.

Punjab ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොදුන් Kolkata Night Riders පන්දු බලඇණිය තරගාවලියේ ප්‍රථම පන්දුවාරයේදීම Punjab නායක Mayank Agrwalගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 2කට එක් කඩුල්ලක් දැවී Punjab Kings කණ්ඩායම දැඩි අසීරු තත්වයක පසු වූවා.

අනතුරුව Punjab Kings කණ්ඩායමේ තෙවන පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂයි.පන්දු 9ක් තුළ පමණක් ක්‍රියාත්මක වූ භානුක රාජපක්ෂගේ ඉනිම Punjab Kings වෙත තිබූ පීඩනය සම්පුර්ණයෙන්ම නිදහස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉණිම වේගවත් ලකුණු 31 කින් වර්ණවත් වුණා.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් වූ අතර හතරේ පහර ද 3ක් ඇතුළත් වුණා.

කෙසේ නමුත් අනතුරුව Punjab Kings හි පිතිකරණය දුර්වල වූ අතර අවසන් භාගයේ පිටියට පිවිසි Kagiso Rabada ලකුණු 25ක් රැස් කිරීමට සමත් වුනා. Liam Livingstone ලකුණු 19යයි.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Umesh Yadav කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුනා.Tim Southee කඩුලු දෙකයි.

ඒ අනුව ලකුණු138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Kolkata Knight Riders කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුනා.

Kolkata Knight Riders වෙනුවෙන් දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කල Andre Russell පන්දු 31 තුල වේගවත් ලකුණු 70ක් රැස් කිරීමට සමත් වුනා. නායක Shreyas Iyer ලකුණු 26යි.

පන්දු යැවීමේදී Rahul Chahar කඩුලූ 2ක් බිඳ හෙලුවා.

තරඟයේ වීරයා සම්මානය Andre Russelහට හිමි වුනා.

IPL තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

 

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7