Cricket NewsDomestic CricketEXCLUSIVE

ජෝර්ජියාවේ පැවති T20 ක්‍රිකට් තරගයකදී කොදෙව් ක්‍රීඩක Rahkeem Cornwall පන්දු 77කින් ලකුණු 205*ක් රැස් කරයි. ( වීඩියෝව මෙතනින් නරඹන්න)

ඔක්තෝබර් 5 වැනි බදාදා ඇට්ලන්ටා ෆයර් ඇන්ඩ් ස්ක්වෙයාර් ඩ්‍රයිව් අතර පැවැති ඇට්ලන්ටා විවෘත 2022 තරගයේදී රඛීම් කෝන්වෝල් සිය විස්සයි විස්ස දිවියේ හොඳම දස්කම් දක්වමින් නොදැවී ලකුණු 205ක් රැස් කළේ ලකුණු 77කටය. එය කණ්ඩායමට ලකුණු 172ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමටද ප්‍රමාණවත් විය.

ඇට්ලන්ටා කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ස්ටීවන් ටේලර් සමඟින් කෝන්වෝල් විවෘත කිරීමට පිටියට පිවිසි අතර, හත්වැනි ඕවරයේදී පලමු කඩුල්ල දැවී යන තුරුම මෙම යුගලය පළමු කඩුල්ලට ලකුණු 101ක් එක් කළහ. ටේලර් හතරේ පහර 5ක් සහ හයේ පහරවල් 18කින් ලකුණු 53ක් රැස් කළේය. අනතුරුව කෝන්වෝල් සමගින් සාමි අස්ලාම් ද එක්වූ අතර ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 225ක් එක් කළහ.

අස්ලාම් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත් අතර, කෝන්වෝල්ගේ ෛනිමට හතරේ පහර 17ක් සහ හයේ පහර 22ක් ඇතුළත් විය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි Square Drive 154/8 ට සීමා වූ අතර, ජස්ටින් ඩිල් ඔහුගේ පන්දුවාර හතර 4/14 ලෙස සාර්ථකව යොමු කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button