Cricket NewsEXCLUSIVEIPLMatch Review

දුෂ්මන්ත චමිරගේ Lucknow කණ්ඩායමට එරෙහිව ලකුණු 24ක ජයක් වාර්තා කරමින් Rajasthan කණ්ඩායම Play-Off වටයේ සිය ස්ථානය තහවුරු කරගනී.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 63වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 24ක ජයක් හිමිකර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා. ඒ සමගින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ PlayOFF වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට ද ඔවුන් සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Yashasvi Jaiswal පන්දු 29කදී ලකුණු 41ක් වාර්තා කිරීමට සමත් වුනා.

Devdutt Padikkal ලකුණු 39ක් රැස් කළ අතර Sanju Samson ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 179ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස කර ගැනීමට හැකි වුයේ ලකුණු 154ක් පමණයි

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Deepak Hooda පන්දු 39ක් තුල වෙගවත් ලකුණු 59ක් රැස් කල අතර Marcus Stoinis ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී Trent Boult, Prasidh Krishna සහ Obed McCoy කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button