Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ලෝකයේ බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා “රංගන හේරත්ට” බංගලදේශයේදී ඇබැද්දියක්.!

ක්‍රිකට් ලෝකයේ බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.

එමෙන්ම පසුගියදා ඔහුගේ ධූර කාලය ද තවත් වසර 2ක් සඳහා දීරුඝ කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ඔහුගේ පුහුණු කාරීත්වය යටතේ බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් පෙන්න ඉතා ඉහළ මට්ටමේ දස්කම් හේතුවෙනි.

මේ අතර අද දිනයේදී විදෙස් මාධ්‍ය විසින් රංගන හේරත් මහතාට බංග්ලාදේශය දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා කර සිටිනවා.

මේ වන විට රංගන හේරත් බංගලදේශ කණ්ඩායම සමඟ සිටින අතර බංගලදේශ කණ්ඩායම මේ වන විට නවසීලන්ත සංචාරයකට එක්ව සිටිනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු මණ්ඩලයේ වෙනත් කිසිවකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7