Cricket NewsEXCLUSIVEIPL

කිසිවකු නොසිතු ආකාරයට විශිෂ්ට උඩ පන්දුවක් රැකගනිමින් KKR නායක Shreyas Iyerව දවා ගත් Rishabh Pantගේ සුපිරි පන්දු රැකීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 41වන තරගය ලෙස Kolkata Knight Riders සමග Delhi Capitalss කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitalss නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කිරීමට සමත් වුනා.

එම තරඟය අතරතුර Kolkata Knight Riders නායක Shreyas Iyer දැවී ගිය ආකාරය කාගේත් දැඩි අවධානයකට ලක් වුනා. Kuldeep Yadav යොමු කල පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant රැකගත් සුපිරි උඩපන්දුවක් හේතුවෙන් Shreyas Iyer දැවී ගියා.

Shreyas Iyerගේ දැවී යාම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button