Cricket GossipCricket NewsEXCLUSIVE

සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අන්තර් ජාතික ක්‍රිකට් සභාව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා – හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

‘දූෂණයට තිත’ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දී ඊයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රෝෂාන් රණසිංහ මහතා පැවසුවේ තමා ක්‍රීඩා ඇමතිව සිටියදී ඉදිරිපත් කළ කේ.ටී. චිත්‍රසිරි කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ ඒ අයුරින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කැබිනට් අනු කමිටුව විසින් පිළිගෙන තිබෙන බවයි. ඒ අනුව තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දරන මතය කැබිනට් අනු කමිටුව පිළිගැනීම තුළ තමාගේ මතය නිවැරදි බවට තහවුරු වී ඇතැයි ද හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග හා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ හිටපු සාමාජික චරිත් සේනානායක යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය. සනත් ජයසූරිය මහතා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම උපදේශක තනතුරකට පත් කරලා තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලර්ඩයිස් මහතා ඊයේ පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගිහිල්ලා සනත් ජයසූරිය මහතාගේ අතට අත දීලා සුබ පතලා සාකච්ඡා කරනවා අපි දැක්කා.

නමුත් මම ක්‍රීඩා ඇමතිවරයා වෙලා ඉන්න කාලේ සනත් ජයසූරිය මහතාගේ වටිනාකම තේරුම් අරන් ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන තාක්ෂණික කමිටුවකට පත් කළා. ඒ වෙලාවේ ලංකාවට ආපු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සි.) දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානි අැෙලක්ස් මාර්ෂල් මහතා මා මුණ ගැහුණු වෙලාවේ සනත් ජයසූරිය සම්බන්ධයෙන් මට කිව්වා ඔහු තරග පාවාදීම් සම්බන්ධයෙන් සැක පහළ වෙලා විමර්ශනයට බඳුන් වෙච්ච පුද්ගලයෙක්. ඔහු ක්‍රිකට් කාරණාවලට සම්බන්ධ වුණොත් අයි.සී.සී.යට කොන්දේසි පැනවීම් කරන්න වෙයි කියලා.

මේ සිදුවීම් දෙක දිහා බැලුවාම සනත් ජයසූරිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නීති දෙකක ඉඳලා. එදා එක නීතියක් අද එක නීතියක් මෙහෙම වුණේ කොහොමද කියලා අයි.සී.සී. එකෙන්ම තමයි අහන්න වෙන්නෙ.

ලෝකයේ වේගවත්ම දුම්රියට වඩා වැඩි වේගයකින් අද ශ්‍රී ලංකාවේ හැම අතින්ම දූෂිත වෙමින් තිබෙනවා. අන්තිමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය හොයපු ඇමතිවරයා වැරදිකරු වෙලා ක්‍රිකට් හොරු ඔටුනු පැළඳුවා කියලා ජනතාව කියන්න ගත්තා. එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා ඇමතිවරයා අනුමැතිය නොදුන්නාම ක්‍රිකට් හොරු සාගල රත්නායක ළඟට ගියා.. එයා ජනාධිපතිවරයා ළඟට ගියා. අන්තිමේදී එල්.පී.එල්. එකට අනුමැතිය ගත්තා. එතැනදී ක්‍රීඩා ඇමැතිවරයා වැඩක් නැති අයෙක් කියලා ඔවුන් පෙන්නුවා. මම ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එදා කියපු දේවල් ඔක්කොම හරි කියලා කැබිනට් අනු කමිටුව ඉදිරිපත් කරපු වාර්තාවෙන් පැහැදිලි වෙනවා. එය මට සතුටට කාරණයක්.

රොෂාන් රණසිංහ මහතාගෙන් පසුව ක්‍රීඩා ඇමැති ධුරයට පත් වූ වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථාන උපදේශක තනතුරට සනත් ජයසූරිය මහතා පත් කිරීමට නොබෝදා කටයුතු කළේය.

ඒ සඳහා ඔහුට රුපියල් මිලියන පහක මාසික දීමනාවක් හිමි වන බව ද ප්‍රකාශ වී තිබේ. මීට ඉහත අවස්ථාවක දී තරග පාවාදීමේ සිදුවීමේ විමර්ශනයකට සහයෝගය නොදැක්වීමේ චෝදනා මත අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝනය කළ බව පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිල් හිටපු නායක​යකු මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරිය මහතාට වසර දෙකක තහනමක් පැනවීය.

කෙසේ වුවත් සනත් ජයසූරිය මහතාට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන් කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැකි ලෙස වසර 2018 ඔක්තෝබර් මාසයේ පනවා තිබූ මෙම තහනම 2022 ඔක්තෝබර් 15 වැනිදා අවසන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button