Cricket NewsEXCLUSIVEIPLPremier League

RCB ක්‍රීඩකයින්ට මන්කාඩ් කිරීමේ මූලදර්ම පවා අමතක කරවූ ලක්නව් පිලේ සුපිරි හඹායෑම!

දිනෙන් දින උණුසුම් වන ලොව ධනවත්ම විස්සයි විස්ස ලීගයේ තවත් තියුණු තරඟයක් ඊයේ නිමාව දුටුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයක් උරුම කර දෙමින්.

අයිපීඑල් ඉතිහාසයේ කණ්ඩායමක් සතු ඉහළම ප්‍රේක්ෂක පසුබිම හිමි කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් පිල තම ප්‍රියතම ක්‍රීඩාංගණය වන බැංග්ලෝර් හි චින්නස්වාමි පිටියේදී කාසියේ වාසිය පරාජය වීමෙන් අනතුරුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිවිසි අතර නායක ඩුප්ලෙසිස් සමඟින් එක්වූ විරාට් කෝලි ලකුණු 96 ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිමට සාර්ථක ආරම්භයක් එක් කල අතර විරාට් කෝලි ලකුණු 61 ක් රැස් කලේ පන්දු 44 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 4 ක් එල්ල කරමිනි.

විරාට් ගේ දැවී යාමෙන් පසු ඉන් අනතුරුව නායක ඩු ප්ලෙසිස් සමඟින් පිටියේ එක්වූ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 115 ක සබඳතාවක් එක්කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කරන්නට බැංග්ලෝර් පිල සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 79 ක් රැස් කල අතර ඉනිම හතරේ පහර 5 කින් හා හයේ පහර 5 කින් වර්ණවත් වූ අතර එම පහරවල් ගොන්න අතර මෙවර තරඟාවලියේ එල්ල කල දිගම හයේ පහරද අන්තර්ගත විය.පන්දු 29 කදී ලකුණු 59 ක් රැස් කල ග්ලේන් මැක්ස්වෙල්ගේ ඉනිම හතරේ පහර 3 කින් හා පිටිය සිසාරා එල්ල කල හයේ පහර 6කින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් මාක් වුඩ් හා අමිත් මිශ්‍රා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹායන්නට පටියට පිවිසි ලක්නව් පිල එතරම් සාර්ථක ආරම්භයක් ලබාගන්නට අපොහොසත් වූ අතර තරඟාවලිය පුරාවට ලකුණු අතර සිටි කයිල් මේයර්ස් පළමු පන්දුවාරයේම දැවී ගියේ බැංග්ලෝර් ක්‍රීඩකයින් තරඟය තුලට තවදුරටත් අවතීර්ණ කරමින්.බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරඟයේදීම සාර්ථක පන්දුවාරයක් යොමු කරමින් වෙයින් පානෙල් එක් පන්දුවාරයක් තුල කඩුලු දෙකක් බිඳ දමද්දී පන්දුවාර හතරක් අවසන් වන විට ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 23 කට කඩුලු 3 ක් ලෙසටයි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවක් එක් කල ස්ටොයිනස්-රාහුල් සුසංයෝගය එක් කල ලකුණු සංඛ්‍යාව 76.සිය රිද්මය යලිත් සොයාගන්නට ලක්නව් නායක රාහුල් අපොහොසත් වෙද්දී තමා වෙත එල්ල වූ පීඩනය පෙරලා බැංග්ලෝර් පන්දුයවන්නන්ට ලබාදුන් මාකස් ස්ටොයිනස් පන්දු 30 කදී ලකුණු 65 ක් රැස් තරඟ ලක්නව් පිල දෙසර කැන්දාගෙන එමින්.

ස්ටොයිනස්ගේ දැවී යාමෙන් පසු පිටියේ බැංගලෝර් පිල ස්ථාවර වන බවක් දක්නට ලැබුණ මුත් යොවුන් ක්‍රීඩක බිශ්නෝයි හා නිකලොස් පූරන්ගේ වේගවත් ලකුණු 85 ක සබඳතාව හමුවේ බැංග්ලෝර් පන්දුයවන්නන් පසුබසින ආකාරයක් දක්නට ලැබුණු අතර තරඟයේ වීරයා සම්මානයට පවා හිමිකම් කියූ ඉනිම දියත් කල නිකොලොස් පූරන් පන්දු 19 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 7 ක් එල්ලකරමින් ලකුණු 62 ක් රැස් කලේය.

ඉනිමේ අවසන් භාගයේදී යලිත් තරඟයට තරමක් අවතීර්ණ වූ බැංග්ලෝර් කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී පරාජය කරන්නට ලක්ණව් පිල සමත් වූයේ එක් කඩුල්ලක ජයක් හිමි කරගනිමින්.

ක්‍රිකට් පොත් තුලට එක්වූ අලුත්ම දුවද්දී දවාගැනීමේ ක්‍රමය වන මණ්කාඩ් ක්‍රමයේ මූල දර්ම පවා නිසි පරිදි නොවීම හේතුවෙන් තරඟය සුපිරි පන්දුවාරයක් දක්වා රැගෙන යන්නට තිබුණු අවස්ථාවද හර්ශල් පටෙල් මගහැරගද්දී අවසන් පන්දුවට ලකුණක් අවශ්‍යව තිබියදී දෙවන දුවද්දී දැවී ගැනීම ලබාගැනීමට කඩුලු රකින්නා වූ දිනේශ් කාර්තික් අසමත් වූයේ ලක්නව් ජයග්‍රහණයට ප්‍රභල මුක්කුවක් ගසමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button