Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයේ සියලු තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්තුවත් සත්කාරකත්වය නිසා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක අදායමක්.!

මීට මාස කිහිපයකට ඉහතදී මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හෙබවීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාව යි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින වර්ථමාන අස්ථාවර තත්වය හේතු කොට ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා තීරණය කලේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට තිබියදීම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙනයාමටයි .

අබුඩාබි හා සාජා ක්‍රීඩාංගණය කේන්‍ද්‍ර කොට ගනිමින් මෙවර ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන ලබන 27 වැනිදා ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ වීමට නියමිතය.

කෙසේ නමුත් අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකශ කර සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යේදී තරඟාවලිය පැවැත්වුවත් තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් හොබවන නිසා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක පමණ අදායමක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැවැත්වූ එම විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button