BusinessCricket GossipCricket NewsEXCLUSIVEPremier League

සවුදි අරාබියෙන් විස්සයි 20 තරඟාවලියක් ඇරඹෙන ලකුණු.

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 500ක ආයෝ­ජ­න­යක් සමඟ ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යට නව විස්සයි20 ලීග් තර­ගා­ව­ලි­යක් හඳුන්වා දීමට සවුදි අරා­බිය සැල­සුම් කර­මින් සිටින බව ඔස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි මෝනිං හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය. නිව් සවු­ත්වේල්ස් සහ වික්ටෝ­රියා ප්‍රාන්තයේ හිටපු තුන්ඉ­රි­යව් ක්‍රීඩ­ක­යකු වන නීල් මැක්ස්වෙල්ගේ අද­හ­ස­කට අනුව වස­ර­කට වැඩි කාල­යක් මේ පිළි­බඳ සවුදි බල­ධා­රීන් සහ මැක්ස්වෙල් අතර රහ­සි­ග­තව සාකච්ඡා පවත්වා ඇතැයි ද සිඩ්නි මෝනිං හැරල්ඩ් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

සවුදි අරා­බියේ එස්ආර්ජේ ක්‍රීඩා ආයෝ­ජන සමා­ගම විසින් ප්‍රධාන අනු­ග්‍රා­හ­ක­ත්වය සැප­යී­මට නිය­මිත නව විස්සයි20 ලීග් තර­ගා­ව­ලි­යට මෙතෙක් නමක් තබා නැති අතර, තර­ගා­ව­ලිය පිළි­බඳ ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සමඟ දැන­ට­මත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. එම තර­ගා­ව­ලි­යට රට­වල් 8ක් නියෝ­ජ­නය වන පරිදි කණ්ඩා­යම් 8ක් තරග වැදී­මට සැල­සුම් කර ඇති අතර, තර­ගා­ව­ලිය ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූර­තා­ව­ලිය මෙන් වසර පුරා ස්ථාන 4ක පැවැ­ත්වී­මට සැල­සුම් කර තිබේ. වාර්ෂික ජාත්‍ය­න්තර ක්‍රිකට් කැල­න්ඩ­රය සැල­කි­ල්ලට ගෙන එහි ඇති ඉඩ­කඩ අනුව තර­ගා­ව­ලිය වසර පුරා පැවැ­ත්වී­ම­ටත්, ජාත්‍ය­න්තර සහ දේශීය තර­ග­ව­ල­ටත්, අයි­පී­එල් සහ බිග්බෑෂ් වැනි ලීග් තර­ග­ව­ල­ටත් බල­පෑ­මක් නොවන පරිදි පැවැ­ත්වී­ම­ටත් සැල­සුම් කර ඇතැයි වාර්තා වේ.

තර­ගා­ව­ලි­යට සහ­භාගි වන කණ්ඩා­යම් ඔස්ට්‍රේ­ලි­යාව ඇතුළු එක් එක් රට­වල් අත­රින් තෝරා­ගැ­නී­ම­ටත්, කාන්තා හා පිරිමි දෙඅං­ශ­ය­ටම තර­ගා­ව­ලිය පැවැ­ත්වී­ම­ටත් අව­ධා­නය යොමුවී ඇති අතර, අව­සන් මහා තර­ගය සවුදි අරා­බියේ පැවැ­ත්වී­මට සැල­සුම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button