දෙවන දිනය අවසන් වන ශ්‍රීලංකා පන්දු යවන්නන් සාර්ථක දස්කම් අතරට – දිනයේ වැඩි ගෞරව ශ්‍රීලංකා කණ්ඩායමට

නවසීලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ වැඩි ගෞරව දිනාගන්නට සමත් ව සිටී.හැග්ලේ ඕවල් හිදී පැවැත්වෙන තරඟයේ දෙවන දිනය ආරම්භ වන විට කඩුලු හයක් දැවී ලකුණු 305 ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කඩුලු කඩුලු 4 ක ලකුණු 50 ක් තුල දවාගන්නට ටිම් සව්ති ප්‍රමුඛ නවසීලන්ත වේගපන්දු යවනන් සමත් වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 46 කට දැවී ගිය අතර කසුන් රාජිත ලකුණු 22 ක් රැස් කලේය.නවසීලන්තය ටිම් සවුති කඩුලු පහක් හා මැට් හෙන්රි කඩුලු 4 ක් දවාගත් අතර සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් රැස් කලේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්තය වෙනුවෙන් ටොම් ලැතම් හා ඩෙවෝන් කොන්වේ සාර්ථක ආරම්භයක් එක් කල නමුත් කෝන්වේගේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්තය පිතිකරුවන්ට රිසිසේ තම සුපුරුදු රිද්මය සොයා යන්නට ඉඩ ලබා නොදුන් අතර දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තමන් සතු කරගන්නට සමත් විය.
දිනය අවසන් වන විට කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 162 ක් රැස් කරගෙන සිටින නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලැතම් ලකුණු 67 ක් රැස් කල අතර කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන ඩැරිල් මිචෙල් ලකුණු 40 ක් හා මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 9 ක් රැස් කරගෙන සිටී. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු අතර කඩුලු දෙක බැගින් බෙදී ගියහ.